පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
157/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම වනාන්තරයන්හි නම් කවරේද;
(iii) එක් එක් වනාන්තරයෙහි විශාලත්වය වෙන් වෙන් වශයෙන් අක්කර කොපමණද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) (i) උක්ත වනාන්තරයන්හි සීමා මායිම් ලකුණු කර තිබේද;
(ii) එසේ නම්, එම සීමා නිර්ණය කරනු ලැබූ දිනය කවරේද;
(iii) නොඑසේ නම්, සීමා නිර්ණය කිරීමට පියවර ගන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත අ (ii)හි සඳහන් වනාන්තර තුළ මේ වනවිට නිවාස, සංචාරක කර්මාන්තයට අදාළ හෝටල් හෝ වෙනත් ඉදිකිරීම් තිබේද;
(ii) එසේ නම්, එම ඉදිකිරීම් හේතුවෙන් වනාන්තරයට සිදු වන බලපෑම පිළිබඳව අධ්‍යයනයක් සිදු කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-10
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර දසලක්ෂ අනූහත්දහස් පන්සියපහක් පමණ වේ. (1,097,505.6678)
(ii) එම වනාන්තරයන්හි නම් ඇතුළත් ලේඛනය ඇමුණුමෙහි සඳහන් වේ.
(iii) එක් එක් වනාන්තරයෙහි විශාලත්වය වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි සඳහන් වේ.
(ආ) (i) වනාන්තර වැඩි ප්‍රමාණයක සීමා මායිම් ලකුණු කර ඇත.
(ii) අදාළ වනාන්තර ගැසට් පත්‍ර මඟින් ප්‍රකාශයට පත් කළ දිනය, සීමා නිර්ණය කරනු ලැබූ දිනයට අදාළ වන අතර, ඒ පිළිබඳ තොරතුරු ඇමුණුමෙහි සඳහන් වේ.
(iii) මායිම් සලකුණු කර නොමැති වනාන්තරවල සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නොකඩවා ක්‍රියාත්මක කරයි.
(iv) සෑම වසරකම ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණය මත ඉලක්ක ලබා දී ඒ අනුව සීමා නිර්ණය සිදු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.
(ඇ) (i) ඇතැම් වනාන්තර තුළ එවැනි ඉදිකිරීම් පවතී. එවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ කටයුතු සිදු කරමින් පවති. නීතිමය ක්‍රියාමාර්ග සිදු කිරීම තුළින් අනාගතයේ දී මෙම තත්ත්වය මඟහරවා ගැනීමට අපේක්ෂා කෙරේ.
(ii) ඇතැම් වනාන්තරවල අහිතකර පාරිසරික බලපෑම් පිළිබඳ අධ්‍යයනයක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇත. එම අධ්‍යයනයන් තුළින් අදාළ වනාන්තරවලට මෙවැනි ඉදිකිරීම් හේතුවෙන් සිදුවන අහිතකර පාරිසරික බලපෑම හඳුනාගෙන ඇති අතර, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
(ඈ) පැන නොනඟී.
ඇමුණුම සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2018-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks