පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
154/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015 ජනවාරි මස 10 දින සිට 2015 සැප්තැම්බර් මස 30 දින දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට හා රජයට අනුබද්ධ ආයතනවලට බඳවා ගනු ලැබූ සේවක සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)හි සඳහන් කාලය තුළ බඳවාගත් සේවකයින් සංඛ්‍යාව අදාළ ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම පිරිස ආයතනගත කරනු ලැබූ පදනම කවරේද;
(iii) ස්ථිර, අනියම් සහ කොන්ත්‍රාත් යන පදනම් අනුව බඳවාගත් සේවකයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉහත (අ)හි සඳහන් පිරිස අතරින් 2015 ජූනි මස 28 දිනට පසුව බඳවා ගනු ලැබූ සේවකයින් සංඛ්‍යාව කොපමණද;
(v) ඔවුන් අයත් වන ආයතන කවරේද;
(vi) එම සේවකයින් සංඛ්‍යාව ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) ඉහත (අ)හි සඳහන් කාල පරිච්ඡේදය තුළ සියලු බඳවාගැනීම් සිදු කරනු ලැබුවේ තරඟ විභාගයකින්ද නැතහොත්, සම්මුඛ පරීක්ෂණයකින්ද යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-12-01
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දීපව්‍යාප්ත සේවාවන් හා ඒකාබද්ධ සේවාවන්ට අදාළව පහත පරිදි නිලධාරින් 3064ක් බඳවා ගෙන ඇත.
* ශ්‍රී ලංකා පරිපාලන සේවය - 217
* ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය - 15
* ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය - 25
* ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය - 15
* රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - 2674
* කාර්යාල සේවක සේවය - 80
* රියදුරු සේවය - 38
(ආ) (i) එම බඳවාගත් සංඛ්‍යාව අදාළ ආයතන අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01* පරිදි වේ.
* ශ්‍රී ලංකා පරිපාලන සේවය - ආයතන 66ක් වෙත අනුයුක්ත කර ඇත.
* ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය - ආයතන 04ක් වෙත අනුයුක්ත කර ඇත.
* ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය - ආයතන ගතකර නැත.
2015.07.13 දින සිට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සේවාරම්භක පුහුණුව ලබමින් සිටී.
* ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය - ආයතන ගතකර නැත.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සේවාරම්භක පුහුණුව ලබමින් සිටී.
* රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - ආයතන 150ක් වෙත අනුයුක්ත කර ඇත.
* කාර්යාල සේවක සේවය - ආයතන 24ක් වෙත අනුයුක්ත කර ඇත.
* රියදුරු සේවය - ආයතන 12ක් වෙත අනුයුක්ත කර ඇත.
(ii) ඒ ඒ සේවයට අදාළව ආයතනයන්හි පවතින පුරප්පාඩු සංඛ්‍යාව පදනම් කර ගෙන සේවා ස්ථාන සඳහා අනුයුක්ත කර ඇත.
(iii) අදාළ කාලය තුළ බඳවාගත් නිලධාරින් 3064ක් ස්ථිර පදනමින් බඳවා ගෙන ඇත.
(iv) 2015 ජූනි මස 28 දිනට පසුව බඳවාගත් සේවකයින් සංඛ්‍යාව 2961කි.
* ශ්‍රී ලංකා පරිපාලන සේවය - 217
* ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය - 15
* ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය - 07
* රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - 2674
* කාර්යාල සේවක සේවය - 30
* රියදුරු සේවය - 18
(v), (vi) එම බඳවාගත් සංඛ්‍යාව අදාළ ආයතන අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02* පරිදි වේ.
* ශ්‍රී ලංකා පරිපාලන සේවය - ආයතන 66ක් වෙත අනුයුක්ත කර ඇත.
* ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය - සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත 07දෙනෙකු අනුයුක්ත කර ඇත.
* ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය - ආයතන ගතකර නැත.
* ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය - ආයතන ගතකර නැත.
* රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - ආයතන 150ක් වෙත අනුයුක්ත කර ඇත.
* කාර්යාල සේවක සේවය - ආයතන 15ක් වෙත අනුයුක්ත කර ඇත.
* රියදුරු සේවය - ආයතන 03ක් වෙත අනුයුක්ත කර ඇත.
(ඇ) ඔව්.
සියලුම සේවාවන්ට බඳවා ගැනීම් සිදු කරනු ලැබුවේ ඒ ඒ සේවාවන්ට අදාළ සේවා ව්‍යවස්ථාවේ නියම කර ඇති විධිවිධාන අනුවය.
* ශ්‍රී ලංකා පරිපාලන සේවය - තරග විභාගයකින් අනතුරුව සුදුසුකම්
* ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය.
* ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය
* ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය
* රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - තරග විභාගයකින් අනතුරුව සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය.
* කාර්යාල සේවක සේවය - ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය.
* රියදුරු සේවය - සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සහ වෘත්තිය පරීක්ෂණය.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks