04

E   |     |  

 දිනය: 2010-07-02   පිළිතුර ලබා දී ඇත 

0268/2010: Fuel Subsidy for Three Wheelers in Kandy District

0268/'10

ගරු රවුෆ් හකීම් මහතා,—  ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මහජනයාගේ ප්‍රවාහන පහසුකම් සැලසීමට කුලී පදනම යටතේ ධාවනයට යොදවා ඇති ත්‍රීවීල්    රථ සඳහා රජය මඟින් ලබාදෙන රු.1500/= ක මාසික ඉන්ධන සහනාධාරය ලැබීමට මේ වන      ලියාපදිංචි වී ඇති මහනුවර දිස්ත්‍රික්කයේ ත්‍රීවීල් රථ හිමියන්ගේ සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන් අතුරින් එම ඉන්ධන සහනාධාර ලබාදී ඇති ත්‍රීවීල් රථ හිමියන්ගේ සංඛ්‍යාව කොපමණද;

(iii) ඔවුන්ගේ නම්, ලිපිනයන්,  ත්‍රීවීල් රථ අංක සහ එම සහනාධාර පළමුව නිකුත් කල දිනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, වෙන වෙනම කවරේද;

       යන්න  එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-02

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks