පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
121/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුළ ඇති සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් හෝටලය සතු කාමර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2014 හා 2015 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත වර්ෂ දෙක තුළදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇති රටවල් දහය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමේදී මෙරට පරිසරයට හා සංස්කෘතියට සිදුවන හානි අවම කර ගැනීමට අදාළව සැලසුම් සහගත වැඩපිළිවෙළක් තිබේද;
(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කුමක්ද;
(iv) නොඑසේ නම්, පරිසරය හා සංස්කෘතිය ආරක්ෂා කිරීමට සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන්නේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(ඇ) (i), (ii), (iii), (iv) කියන්න.
ගරු ජෝන් අමරතුංග මහතා
(மாண்புமிகு ஜோன் அமரதுங்க)
(The Hon. John Amaratunga)
(ඇ) (i) - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් සංචාරක ගමනාන්ත වශයෙන් ප්‍රචලිත කිරීමේ විභවතාවක් පවතින ස්ථාන සංවර්ධනය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමක් කර තිබෙනවා.
ඒ අනුව එම කටයුත්ත අපි කර තිබෙනවා. ඒකේ වැඩි විස්තර මට මේ වෙලාවේ කියන්න ගියොත් බොහෝ කාලයක් ගතවනවා.
ගරු බුද්ධික පතිරණ මහතා
(மாண்புமிகு புத்திக பதிரண)
(The Hon. Buddhika Pathirana)
(ii) කොටසට අදාළ පිළිතුර කියන්න.
ගරු ජෝන් අමරතුංග මහතා
(மாண்புமிகு ஜோன் அமரதுங்க)
(The Hon. John Amaratunga)
(ii) ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා සිව් වාර්ෂික (2017-2020) උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
මීට අදාළ සම්පූර්ණ පිළිතුර මම මේ අවස්ථාවේ සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 319.
(ii) ඇමුණුම i * බලන්න.
(ආ) (i) ඇමුණුම ii* බලන්න.
(ii) ඇමුණුම iii* බලන්න.
(ඇ) (i) * සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් සංචාරක ගමනාන්ත වශයෙන් ප්‍රචලිත කිරීමේ විභවතාවක් පවතින ස්ථාන සංවර්ධනය සඳහා ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර ඇත.
* ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා සිව් වාර්ෂික (2017-2020) උපායමාර්ගික සැලැසුමක් ක්‍රියාත්මක කිරීම.
* සංචාරක ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟය අවමකිරීම සඳහා පළාත් සභා, පෞද්ගලික හෝටල් පාසල් හා පෞද්ගලික හෝටල් සම්බන්ධ කර ගනිමින් පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
* ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය මගින් සංචාරක කර්මාන්තයට පුහුණු ශ්‍රමිකයන් සැපයීම සඳහා ශිල්පීය , සහතික පත්‍ර, අන්තර් මාධ්‍ය හා උසස් පාඨමාලා පැවැත්වීම.
* ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් ගෝලීය වශයෙන් වර්ධනය වන තරගකාරිත්වය සඳහා දේශීය සංචාරක කර්මාන්තයේ ස්ථාවරත්වය නංවාලීම වෙනුවෙන් සාම්ප්‍රදායික ප්‍රවර්ධන මාධ්‍යයෙන් මෙන්ම නව ප්‍රවර්ධන මාධ්‍යයන් ඔස්සේ ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
* ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය වෙත ඉහළ වටිනාකමක් සහිත සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සංචාරක මගී නෞකා සේවා (Cruise Tourism) සූපශාස්ත්‍ර වැඩසටහන් හා සිනමා සංචාරක ව්‍යාපාරය වැනි නව සංචාරක වැඩසටහන් නිර්මාණය කර ඇත.
(ii) ඔව්.
(iii) * සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පරිසරයට හා සංස්කෘතියට සිදුවන හානි අවම කර ගැනීම අරමුණු කර ගත් සිව් වාර්ෂික උපාය මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කරයි.
* සංචාරක ව්‍යාපාරය පුඵල් කිරීමේ ව්‍යාපෘති තෝරා ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමෙදී එම ව්‍යාපෘතිය මගින් සමාජීය, පාරිසරික සහ සංස්කෘතික හානි අවම කිරීම සහ ව්‍යපෘතියේ තිරසාරත්වය සහතික කර ගැනීම සඳහා අමාත්‍යාංශය, දිස්ත්‍රික් සහ පළාත් සභා නිලධාරීන්
මෙන්ම ප්‍රජා නියෝජිතයන්ගේද සහභාගිත්වයෙන් ව්‍යාපෘති යෝජනාවට අදාළ ක්ෂේත්‍රය පරීක්ෂා කිරීම හා අදාළ ආයතන මගින් පරිසර අනුකූලතා සහතික ලබා ගැනීමට කටයුතු කරයි.
(iv) ඉහත (ඇ) (iii) අනුව මතු නොවේ.
(ඈ) ඉහත (ඇ) (ii) අනුව මතු නොවේ. "
පිළිතුරු දුන් දිනය
2017-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks