පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ නමින් ලියාපදිංචි කර ඇති වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාවෙන් පූර්ණකාලීන හා අර්ධකාලීන වශයෙන් ලියාපදිංචිය ලබා ඇති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ අවසන් වරට සංගණනයක් සිදු කළ දිනය කවරේද;
(ii) නැවත සංගණනයක් සිදු කිරීමට පියවර ගන්නේද;
(iii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ලියාපදිංචි සහතිකයක් නොමැතිව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යෑමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කවරේද;
(ii) ලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්‍යස්ථාන සඳහා පසුගිය වසර දෙකක කාලය තුළ ගත් නීතිමය ක්‍රියාමාර්ග කවරේද;
(iii) ලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්‍යස්ථානයන් හිමි වෛද්‍යවරුන්ගේ නම් සහ ලබා දුන් දඩුවම් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 205කි.
(ii) පූර්ණ කාලීන ලියා පදිංචි - 88
අර්ධකාලීන ලියා පදිංචි - 117
(ආ) (i) 2017.04.20 දින ආරම්භ කර 2017.05.31 දින අවසන් කර ඇත.
(ii) ඔව්.
(iii) 2018.05.01
(ඇ) (i) ලියා පදිංචි කරන ලෙස නිවේදනය කිරීමෙන් අනතුරුව එම නිවේදනය නොසලකා හැරීම හෝ ඒ අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් අදාළ ප්‍රදේශයේ මහෙස්ත්‍රාත් උසාවියක නඩු පැවරීම.
මහෙස්ත්‍රාත් උසාවි නියෝගය මත එම පෞද්ගලික වෛද්‍ය ආයතනය වසා දැමීම.
(ii) අංක (ඇ)(i) හි සඳහන් ක්‍රියා මාර්ග ගෙන ඇත.
(iii) පසු ගිය වසර දෙකක කාලය තුළ එවැනි දඬුවම් දීමක් සිදු කර නැත. අවශ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් පසු නිසි ලෙස ලියා පදිංචි කිරීම හෝ යාවත්කාලීන කිරීම සිදු කරයි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks