01

E   |     |  

 දිනය: 2015-11-30   පිළිතුර ලබා දී ඇත 

0073/2015: හානි වූ බොරතෙල් නළය : මූල්‍ය අලාභය

73/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,—  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)          (i)      2014.05.25 දින කොළඹ වරායට නුදුරු මුහුදෙහි පිහිටි බොරතෙල් ප්‍රවාහනය කරන නළය අබලන් වීම නිසා බොරතෙල් ප්‍රවාහනය කරන නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වූ නැව් සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් නෞකාවට ගෙවූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) නළය අලුත්වැඩියා කිරීමට ගත වූ දින ගණන කොපමණද;

(iv) මේ හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන් වසා තැබීමට සිදු වූ දින ගණන කොපමණද;

(v) ඉන්ධන ප්‍රවාහන නළයට සිදු වූ මෙම හානිය හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ සමස්ත අලාභය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) බෝයාවට අවශ්‍ය නළ මිලදී ගැනීමට අවසන් වරට ටෙන්ඩර් කැඳවීමක් සිදු  කළ දිනය කවරේද;

(ii) එසේ නම්, ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් හා එම සමාගම් අයත් රටවල් කවරේද;

(iii) ටෙන්ඩරය ලබාදුන් සමාගම කුමක්ද;

(iv) එම සමාගමට ටෙන්ඩරය ලබා දීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-30

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       නෞකා පහක් වෙනුවෙන් අදාළ සමාගම්  ප්‍රමාද ගාස්තු ඉල්ලීම්  සිදු කර ඇත.

              (ii)       ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව  මේ වනවිට කිසිම නැවකට ප්‍රමාද ගාස්තු ගෙවා නොමැති අතර, ඒ සඳහා සාකච්ඡා කරමින් පවතිනවා. 

                         එක් සමාගමක්  පමණක් ප්‍රමාද ගාස්තු  ඉල්ලීම ඉවත් කර ගන්නට එකඟ වෙලා තිබෙනවා.

(iii)  නළය අලුත්වැඩියා කිරීමට ගත වූ දින ගණන 48කි. 

(iv)   මේ හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව දින 30ක්  වසා දමන්නට සිදු වුණා.

(v)   මේ හානිය හේතුවෙන්  ඛනිජතෙල් නීතිගත  සංස්ථාවට සිදු වූ සමස්ත  අලාභය - රුපියල් මිලියන 854යි. 

  මේ මුදල සඳහා අපි  insurance  එකට claim  එකක්  දමා තිබෙනවා.

(ආ)    (i)  2015 මැයි 30  වන දින.

(ii)   ඩන්ලොප්  ඔයිල්  සහ මැරින් සමාගම, එක්සත්  රාජධානිය. 

             කොහාමා ඉන්ඩ්‍රස්ට්‍රියල් ඒෂියා පෞද්ගලික සමාගම, සිංගප්පූරුව.

(iii) ඩන්ලොප් ඔයිල් සහ මැරීන් සමාගම, එක්සත් රාජධානිය.

(iv) හානියට පත් වූ එම බෝයාවේ නළය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා හදිසියේ මිලදී ගැනීම් කළ යුතුව තිබුණා. ඒ අයගෙන් ලබාගත් ඇස්තමේන්තුවලින් එය ප්‍රතිස්ථාපනය කර දෙන්න ගත වන කාලය කොපමණද කියා සලකා බලා,  මෙම සමාගම එය ඉක්මනින් හදා දෙන බවට  සහතිකයක් ලබාදුන් නිසා අපි ඒක එම සමාගමට භාර දුන්නා.

ඩන්ලොප් ඔයිල් සහ මැරීන් සමාගම විසින් ලබාදීමට ගතවන කාල සීමාව ලෙස සති 14ක් දක්වා තිබූ අතර, යොකොහාමා ඉන්ඩස්ට්‍රියල් ඒෂියා පෞද්ගලික සමාගම එය සති 20-24ක් ලෙස දක්වා තිබුණි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks