බලන්න

04

E   |     |  

 දිනය: 2015-11-28   පිළිතුර ලබා දී ඇත 

0070/2015: ගව කුර හා මුඛ රෝගය: පාලනය

70/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාව පුරා ගව කුර හා මුඛ රෝගය ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවත්;

             (ii)       සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව මෙම රෝගය වැළැක්වීමට දිය යුතු එන්නත් ප්‍රමාණවත්ව නොමැති බවත්;

(iii) එම රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන්  උක්ත දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ චක්‍රලේඛයේ බොහෝ කරුණු අවලංගු කර තිබෙන බවත්;

(iv) එසේ කිරීම හේතුවෙන් එම රෝගය පාලනය කිරීමට නොහැකි වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ‍දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ චක්‍රලේඛයෙන් ඉවත් කළ කරුණු කවරේද;

(ii) එම කරුණු ඉවත් කිරීමට හේතු කවරේද;

(iii) නැවත එම කරුණු ඇතුළත් කිරීමට කටයුතු කරන්නේද;

(iv) ගව කුර හා මුඛ රෝගය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීමට ගනු ලබන පියවර කවරේද;

(v) එම රෝගය නිසා විනාශ වන ගව සම්පත බෝ කිරීමට ගන්නා කඩිනම් ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-28

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)      (i)        දැනට ශ්‍රී ලංකාවේ ගව කුර හා මුඛ රෝගය ව්‍යාප්තවීමක් නොමැත.

          (ii)        සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව මෙම රෝගය වැළැක්වීමට අවශ්‍ය එන්නත් ප්‍රමාණවත්ව ඇත.

          (iii)       මෙම රෝගය පාලනය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු චක්‍රලේඛයක් නොව, අවශ්‍ය මාර්ගෝපදේශ සහ උපදෙස් නිකුත් කර ඇති අතර, ඒවා කිසිවක් අවලංගු කර නොමැත.

          (iv)       එකඟ නොවෙමි. මෙම රෝගය දනට පාලනය කර ඇත.

(ආ)     (i)         කරුණු ඉවත් කර නොමැත.

(ii) පැන නොනඟී.

(iii) පැන නොනඟී.

(iv) ඖෂධ හිඟයක් නොමැත.

(v) පැන නොනඟී.

(ඇ)   පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks