01

E   |     |  

 දිනය: 2015-11-28   පිළිතුර ලබා දී ඇත 

0069/2015: ජාත්‍යන්තර මුහුදු කලාපයේ මසුන් ඇල්ලීම: විස්තර

69/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර මුහුදු කලාපයේ මසුන් ඇල්ලීමට චීන යාත්‍රා වලට අවසර ලබා දී තිබේද;

             (ii)      එසේ නම්, එම අවසරය ලබා දී ඇති යාත්‍රා සංඛ්‍යාව කොපමණද;

(iii) එම යාත්‍රා හා ශ්‍රී ලංකාව අතර ඇති ගිවිසුමට අදාළ බැඳීම් කවරේද;

(iv) මෙලෙස අවසර ලබා දීම තුළින් අපේක්ෂිත වාර්ෂික ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන ශ්‍රී ලාංකික යාත්‍රා සංඛ්‍යාව කොපමණද;

(ii) චීන යාත්‍රා හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින්ට සිදුවන අසාධාරණ මැඬලීමට ගෙන ඇති පියවර කවරේද;

(iii) චීන යාත්‍රා සඳහා අවසර ලබාදීම වෙනුවට ශ්‍රී ලාංකිකයන්ට විශාල ධීවර යාත්‍රා ලබා ගැනීම සඳහා උපකාර නොකිරීමට හේතු කවරේද;

(iv) ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු කිරීම සඳහා  විශාල ධීවර යාත්‍රා හා නවීන තාක්ෂණික මෙවලම් සමග අවශ්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් කර තිබේද;

(v) එසේ නම්, ඒ කෙසේද; කවර දිනයක සිටද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-28

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      නැත.

               (ii)       අදාළ නොවේ.

              (iii)      අදාළ නොවේ.

                (iv)        අදාළ නොවේ.

 

(ආ)          (i)      1,361කි.

              (ii)      අදාළ නොවේ.

              (iii)      අදාළ නොවේ.

              (iv)      ඔව්.

               (v)      2015 වර්ෂයේ සිට යාත්‍රා අධීක්ෂණ උපකරණ 1,460 සවි කිරීමට කටයුතු කර ඇත. තවද, 2016 වර්ෂයේ ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු වෙනුවෙන් පහත සඳහන් සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කෙරේ.

i.     බහුදින ධීවර යාත්‍රා නැංගූරම්පළ 2ක් ඉදි කිරීම.

ii.  මව් යාත්‍රා ලබාදීම.

iii.  මීටර් 24ට වැඩි යාත්‍රා හඳුන්වාදීම.

iv.  යාත්‍රා සඳහා සිසිලන පද්ධති හඳුන්වාදීම.

v.   මසුන් ඒකරාශි කිරීමේ ඇටවුම් ලබාදීමට කටයුතු කිරීම.

vi.    ගලවා ගැනීමේ යාත්‍රා හඳුන්වාදීම.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-02-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks