01

E   |     |  

 දිනය: 2015-11-06   පිළිතුර ලබා දී ඇත 

0049/2015: මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය ඉහළ දැමීම: පියවර

49/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය පහත වැටී ඇති බවත්;

             (ii)       ඒ අනුව වෙළඳපොළ තුළ හයිලන්ඩ් කිරි පිටි නොමැති බවත්; සහ

            (iii)       මෙය පාරිභෝගිකයන්ට හා සමාගමට විශාල පාඩුවක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 2010.01.10 දින සිට 2014.12.31 දින දක්වා කාලය තුළ මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය කිලෝග‍්‍රෑම් වලින් වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද; සහ

 

(ii) 2015 වර්ෂයේ පළමු කාර්තුව තුළ නිෂ්පාදිත කිරි පිටි ප‍්‍රමාණය කිලෝග්‍රෑම් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මිල්කෝ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නේද; සහ

(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කිරි පිටි නිෂ්පාදනය පහත වැටී නැත. සාමාන්‍ය වශයෙන් දිනකට කිලෝග්‍රෑම් 12,000 - 14,000 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. වර්ෂයේ කිරි සැපයුම අඩු කාලය වන ඔක්තෝබර් මාසයෙන් පසු හා අප්‍රේල් මාසයට පෙර කාලය තුළදී කිරි පිටි නිෂ්පාදනය අඩු වේ.

              (ii)      වෙළෙඳ පොළ තුළ හයිලන්ඩ් කිරි පිටි නොමැති වීමට හේතුව අධික වූ පාරිභෝගික ඉල්ලුම වේ.

(iii) ඉහත (i) සහ (ii) පරිදි පැන නොනඟී.

(ආ) (i) වාර්ෂික කිරි පිටි නිෂ්පාදනය කිලෝ ග්‍රෑම්වලින්;

2010 - 4,290,223

(හතළිස් දෙලක්ෂ අනූදහස් දෙසීය විසිතුනයි.)

2011  -         3,766,956

(තිස්හත්ලක්ෂ හැටහයදහස් නමසීය පනස්හයයි.)

2012  -  4,694,702

(හතළිස්හයලක්ෂ අනූහතරදහස් හත්සීය දෙකයි.)

2013  -  4,413,221

(හතළිස්හතරලක්ෂ දහතුන්දහස් දෙසීය විසිඑකයි.)

2014  -  4,251,035

(හතළිස්දෙලක්ෂ පනස්එක්දහස් තිස්පහයි.)

(ii) 2015 වර්ෂයේ පළමු කාර්තුව තුළ නිෂ්පාදිත කිරි පිටි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හත්ලක්ෂ විසිනවදහස් හත්සීය පනහයි.  (729,750Kg යි)

(ඇ) (i) ඔව්. කිරි පිටි නිෂ්පාදනය ඉහළ දැමීමට දැනටමත් පියවර ගෙන තිබේ.

(ii) අලුතින් කිරි පිටි නිෂ්පාදන යන්ත්‍ර ස්ථාපනය කොට නිෂ්පාදන ධාරිතාව දැනට ඇති ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් වැඩි කිරීමයි. මෙම ව්‍යාපෘතිය 2016 මාර්තු මාසය වන විට අවසන් වීමට නියමිතයි.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-11-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks