පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
46/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 1994.02.26 දින සංස්කෘතික නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය පැවැත්වූ බවත්; සහ
(ii) 1998.06.23 දින උක්ත විභාගය සමත් වූ පිරිස සංස්කෘතික නිලධාරීන් ලෙස බඳවා ගත් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) සංස්කෘතික නිලධාරීන් සංස්කෘතික සහකාර අධ්‍යක්‍ෂ තනතුරට උසස්වීම් ලැබීමට සම්පූර්ණ කළ යුතු සුදුසුකම් කවරේද;
(ii) මේ වනවිට එම සුදුසුකම් සපිරූ සහ උසස්වීම් හිමි නොවූ නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම නිලධාරීන්ට උසස්වීම් ලබා දීමට කටයුතු කරන්නේද; සහ
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-05
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) සංස්කෘතික නිලධාරි තනතුරේ අවුරුදු 15ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති නිලධාරින්ගෙන් අභ්‍යන්තරව ඉල්ලුම්පත් කැඳවා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් මඟින් බඳවා ගෙන ඇත.
(ii) නොමැත.
(iii) විධිවිධාන නොමැත.
2012.07.16 දිනැති කාර්ය මණ්ඩල අනුමැතිය අනුව සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ (දෙපාර්තමේන්තුගත) තනතුර අහෝසි කර ඇත.
(iv) අදාළ නොවේ.
(ඇ) අමප/12/0167547/004 හා 2012.02.22 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ මත සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ (දෙපාර්තමේන්තුගත) තනතුර පවත්වාගෙන යාම නිර්දේශ කර නොමැත.
පිළිතුරු දුන් දිනය
2015-11-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. නාවින්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks