පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
24/’15
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
(අ) (i) දකුණු පළාත් සභාවට අයත් කාපට් ඇතිරීම සඳහා මූලික සූදානම් කිරීම් කළ මහාමාර්ග 18ක වැඩ 2015 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අතරමග නවතා දමා ඇති බවත්;
(ii) කැකණදුර සිට වේහැල්ල හරහා දික්වැල්ල දක්වා වූ මාර්ගය ප්‍රවාහනයට තබා ඇවිදයාමට පවා අපහසු අයුරින් අබලන්ව ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (i)හි සඳහන් අළුත්වැඩියා කටයුතු අතරමග නවතා දමා ඇති මාර්ග 18 කවරේද;
(ii) ඉහත (අ) (ii)හි සඳහන් මාර්ගයෙහි කාපට් ඇතිරීම සිදුකරන දිනය කවරේද;
(iii) මහා භාණ්ඩාගාරය විසින් මෙම මහාමාර්ග සඳහා වෙන්කොට ඇති හෝ වෙන්කරන බවට පොරොන්දු වී ඇති මුදල කොපමණද;
(iv) ඒ අනුව, මෙම මහාමාර්ගයන්හි කාපට් ඇතිරීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙළ වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-10-21
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
දකුණු පළාත් මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘතිය 2014 වර්ෂයේ අගෝස්තු මාසයේදී 2015 දැයට කිරුළ වැඩසටහන යටතේ ආරම්භ කරන ලද අතර, ඒ සඳහා රුපියල් මිලියන 2,614ක මුදලක් වැය වන බවට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඇස්තමේන්තුගත කර ඇත. එම ඇස්තමේන්තුගත මුදලින් රුපියල් මිලියන 1,000ක මුදලක් 2014 වර්ෂයේදී ලබා දෙන ලෙසට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීම එම අමාත්‍යාංශ ලේකම්ගේ අංක MTIT/DK/2015/02 හා 2014.09.11 දිනැති ලිපියෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කර ඇත. PL/3/2දැ.කි/2015 හා 2014.10.30 දිනැති මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්ගේ ලිපිය මගින් ද උක්ත රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2014 වර්ෂයේදී මෙම අමාත්‍යාංශයීය දැයට කිරුළ වැය ශීර්ෂය යටතේ වෙන් කර දෙන ලෙස දන්වා ඇත. 2015 වර්ෂයේ ජනවාරි මාසයේදී දැයට කිරුළ වැඩසටහන නතර කරන ලද අතර මෙම වර්ෂයේ අතුරු සම්මත ගිණුම යටතේ දකුණු පළාත් සභාවට මාර්ග සංවර්ධනය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 300ක් වෙන් කර ඇත. එම ප්‍රතිපාදනවලින් 2014 අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා සිදු කරන ලද මාර්ග සංවර්ධන කටයුතුවල හිඟ මුදල් ගෙවීමටද පාවිච්චි කර ඇත. ඉන් පෙනී යන්නේ 2014දී ආරම්භ කළ දැයට කිරුළ වැඩසටහන යටතේ කිසිදු ප්‍රතිපාදනයක් දකුණු පළාත් සභාවට ලැබී නොමැති බවයි. එබැවින් 2014 වියදම්ද ආවරණය කර ගනිමින් 2015 එම මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කර ඇති බවය.
ඒ අනුව අප අමාත්‍යාංශයේ කිසිදු මැදිහත් වීමක් නොමැතිව එවකට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ඍජු මැදිහත් වීම මත, දැයට කිරුළ වැඩසටහන අරමුණු කරගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘතියක් බව තවදුරටත් දන්වා සිටිමි.
(ii) නැත.
කැකණදුර සිට වේහැල්ල හරහා දික්වැල්ල දක්වා වූ මාර්ගය 2015 වසරේ ලද රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන මත රුපියල් මිලියන 76,997,654.87 වියදමක් දරා මීටර් 250 ප්‍රමාණයක් කාපට් කිරීම, කිලෝමීටර් 5.5ක් පමණ ඒබීසී සහ අවශ්‍ය ස්ථානවල C1 අතුරා මාර්ගය පුළුල් කිරීම් සිදුකර ඇත.
එසේ වුවද මාතර සිට කතරගම දක්වා ඉදි කරමින් පවතින දුම්රිය මාර්ගයේ කොන්ත්‍රාත් කටයුතු ඉටු කරන ආයතනයේ අධි බරැති ඉදිකිරීම් වාහන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීම්ද නොතකා අනවසරයෙන් ධාවනය කිරීම නිසා සංවර්ධනය කළ එකී මාර්ගයේ ඉදි කිරීම් කටයුතුවලට බාධා පැමිණ ඇති බව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වාර්තා කර ඇත.
(ආ) (i) විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයීය ලේකම්ගේ MTIT/DK/2015/02 හා 2014.09.11 දිනැති ලිපියට අනුව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මාර්ග 11ක් සංවර්ධනය කිරීමේ වගකීම පවරා ඇත. ඉතිරි මාර්ග 07 සංවර්ධනය කිරීමේ වගකීම පවරා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය වෙතය.
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සංවර්ධන කටයුතු පැවරූ මාර්ග:
|
අනු අංකය |
මාර්ගයේ නම |
|
01. |
කැකණදුර රත්මලේ දික්වැල්ල පාර (කිලෝමීටර් 13.2) ද්විත්ව මංතීරු |
|
02. |
රස්සන්දෙනිය පාර (කිලෝමීටර් 1.7) ද්විත්ව මංතීරු |
|
03. |
වැලිහිඳ මාලිම්බඩ පාර(කිලෝමීටර් 7.5) ද්විත්ව මංතීරු |
|
04. |
ඕගස්පෙ නාදුගල පාර(කිලෝමීටර් 6.3) ද්විත්ව මංතීරු |
|
05. |
සුල්තානාගොඩ වරකපිටිය පාර (කිලෝමීටර් 2.9) ද්විත්ව මංතීරු |
|
06. |
කලටියාවල අතගහපුහන්දිය පාර (කිලෝමීටර් 3.7) ද්විත්ව මංතීරු |
|
07. |
මිරිස්ස හේන්වල පාර (කිලෝමීටර්3.3) ද්විත්ව මංතීරු |
|
08. |
අතගහපුහන්දිය සිට රාහුල හන්දිය දක්වා පාර (කිලෝමීටර් 1.9) ද්විත්ව මංතීරු |
|
09. |
ලැබීම හේන්වල පාර (කිලෝමීටර් 4.9) ද්විත්ව මංතීරු |
|
10. |
කොටවල වරකපිටිය පාර (කිලෝමීටර් 3.5) ද්විත්ව මංතීරු |
|
11. |
මහෝකන්ද මගල්ලගොඩ පාර (කිලෝමීර් 2) ද්විත්ව මංතීරු |
|
අනු අංකය |
මාර්ගයේ නම |
|
01. |
කඹුරුගමුව ලැබීම පාර (කිලෝමීටර් 2.3) මංතීරු හතර |
|
02. |
ලැබීම ගල්ලිඳ හන්දිය දක්වා පාර (කිලෝමීටර් 2.5) මංතීරු හතර |
|
03. |
ගල්ලිඳ හන්දිය ගොඩගම පාර (කිලෝමීටර් 7.75) මංතීරු හතර |
|
04. |
ගල්ලිඳ හන්දිය සිට අකුරුගොඩ හතරමන් හන්දිය දක්වා පාර (කිලෝමීටර් 2.25) මංතීරු හතර |
|
05. |
අකුරුගොඩ හතරමන් හන්දිය සිට කිරිමැටිමුල්ල පාර (කිලෝමීටර් 2.4) |
|
06. |
මාගල්ලගොඩ වෙලේවත්ත පාර (කිලෝමීටර් 4) ද්විත්ව මංතීරු |
|
07. |
බණ්ඩත්තර මහෝකන්ද පාර (කිලෝමීටර් 0.4) ද්විත්ව මංතීරු |
මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සංවර්ධන කටයුතු පැවරූ මාර්ග:
(ii) 2015 වර්ෂයේ රුපියල් මිලියන 76ක ප්‍රතිපාදන මත මෙම මාර්ගයේ ඉදි කිරීම් සිදු කර ඇති අතර, 2014 දැයට කිරුළ සඳහා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටි ප්‍රතිපාදන ලබා නොදීම නිසා එම වර්ෂයේ බිල්පත්ද මේ වසරේ වෙන් කළ මුදලින් ගෙවීමට සිදු විය. එනිසා මේ වසරේ වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දුන්නද වැඩ අවසන් කිරීමට නොහැකිවී ඇත.
(iii) 2015 අතුරු සම්මත ගිණුම යටතේ රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය ඍජුවම දකුණු පළාත් සභාවට ලබාදී ඇති අතර, 2016 සඳහා රුපියල් මිලියන 1,500ක ප්‍රතිපාදන ඉල්ලා ඇත.
(iv) දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම මහා මාර්ග කාපට් ඇතිරීම සඳහා ඉදිරිපත් කර ඇති ඉදිරි වැඩ පිළිවෙළ ඇමුණුම* "ඒ" මඟින් දක්වා ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කරුණාරත්න පරණවිතාන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks