පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-06-11
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
(ආ) (i) පොලීසිය විසින් අදාළ පරීක්ෂණ කඩිනමින් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
(ii) විදුහල්පතිවරයා අදාළ සිද්ධිය දැනගත් වහාම සියලු පන්තිවලට ගොස් අදාළ ගුරුවරුන් මාර්ගයෙන් පාසලේ උදෑසන ජලය පානය කළ සිසුන් පිළිබඳ විමසා ඔවුන්ගෙන් ජලය පානය කළ සිසුන් 26 දෙනෙකුව හඳුනාගෙන ගුරුවරුන් දෙදෙනෙකු සමඟ වාහනයකින් යාපනයේ ශීක්ෂණ රෝහලට යැවීමට කටයුතු කළේය.
මෙම සිද්ධිය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක යන අයට දැන්වීමෙන් අනතුරුව ඔවුන් අදාළ සිද්ධිය වූ ස්ථානයට කඩිනමින් පැමිණ තිබුණි.
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ යන අයවලුන් සමඟ රෝහලට ගොස් සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කොට සිසුන් සුවෙන් සිටින බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව පාසලට පැමිණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පහත දැක්වෙන උපදෙස් ලබා දෙන ලදි.
2015.03.20 වැනි දින පාසල වසා නැවත 2015.03.23 වැනි දින විවෘත කිරීම.
දෙමව්පියන්ගේ රැස්වීමක් කැඳවා මේ පිළිබඳ දැනුවත් කිරීම.
ජල ටැංකිය පෙනෙන ස්ථානයක සවිකොට ආරක්ෂා කිරීමටත් ජල ටැංකිය තැබීමට අවශ්‍ය ස්ථානය පාසල් සංවර්ධන අරමුදලෙන් තැනීමටත් අවසරය ලබා දෙන ලදි.
ජල සැපයීම සම්බන්ධ ගුරුවරයකු පත්කොට එය අධීක්ෂණය කිරීම
(iii) නැත.
(iv) පාසල් මුරකරුවන් අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර මුදාහරින ලදි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-06-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks