logo

02

E   |     |  

 දිනය: 2015-05-19   පිළිතුර ලබා දී ඇත 

6045/2015: මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග : යාපනය දිස්ත්‍රික්කය

6045/’15

 

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       යාපනය දිස්ත්‍රික්කය තුළ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම මාර්ග අතරින් අළුත්වැඩියා  කිරීමට නියමිත මාර්ග සංඛ්‍යාව කොපමණද;

(iii) එකී මාර්ග අළුත්වැඩියාවට අදාළව  ව්‍යාපෘති හඳුනා ගෙන තිබේද;   

(iv) එසේ නම්, එම  ව්‍යාපෘති  සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;

(v) එම ව්‍යාපෘතිවලට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-05-19

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      මාර්ග සංඛ්‍යාව 48කි.

                         A පංතිය - 11

                         B පංතිය - 37

               (ii)      ඉහත සඳහන් මාර්ග අතරින් මාර්ග 14ක් සංවර්ධනය කර ඇත. ඉතිරි මාර්ග 34හි නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යනු ලබයි.

              (iii)      ඔව්.

                         ඉහත සඳහන් මාර්ග 34 අතරින් මාර්ග 04ක් පුළුල් කර සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇත.

              (iv)      මෙම මාර්ග පුළුල් කළ යුතු බවට හඳුනාගෙන තිබුණද, අදාළ සැලසුම් සකස් කිරීම සිදු කර නොමැත. ඒ අනුව, මුදල් වෙන් කිරීමක්ද සිදු කර නැත.

(v) නැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks