පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6041/’15
ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 ජනවාරි මාසයේ පැවති මිලට සාපේක්ෂව මේ වන විට සාදික්කා මිල 30% - 40% අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව දන්නේද;
(ii) එලෙස සාදික්කා මිල පහළ යෑමට හේතුව කවරේද;
(iii) නිරන්තරයෙන් සිදුවන සාදික්කා මිල පහළ වැටීම වළක්වා ගැනීමට යම් පියවරක් ගෙන තිබේද;
(iv) එසේ නම්, එම පියවර පැහැදිලි කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පසුගිය අයවැයට සාපේක්ෂව මෙවර අයවැයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන 50%කින් පමණ අඩුකර ඇති බව දන්නේද;
(ii) ප්‍රතිපාදන අඩු කිරීම හේතුවෙන් අපනයන කෘෂිකර්මාන්තයන්හි සිදුවන පසුබෑම මග හරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-05-19
අසන ලද්දේ
ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
2015 ජනවාරි මාසයට සාපේක්ෂව අප්‍රේල් වන විට සාදික්කා මිල, I ශ්‍රේණිය 17%කින් හා II ශ්‍රේණිය 26.5%ක ප්‍රමාණයකින් අඩු වී තිබේ.
(ii) ලොව ප්‍රධානතම සාදික්කා නිෂ්පාදකයන් වන ඉන්දුනීසියාව සහ ග්‍රෙනඩා රාජ්‍යයන්හි සාදික්කා නිෂ්පාදන වෙළෙඳ පොළට සපයන ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන්, ලෝක වෙළෙඳ පොළෙහි සාදික්කා මිල 16%කින් පමණ පහළ ගොස් ඇත. දේශීය වෙළෙඳ පොළෙහි සාදික්කා මිල පහළ යෑමට මෙය හේතු වී ඇත.
(iii) ඔව්.
(iv) ශ්‍රී ලංකාවෙන් ලෝක වෙළෙඳ පොළට සපයනු ලබන සාදික්කා නිෂ්පාදනවල ගුණාත්මකබව වැඩි දියුණු කිරීම - value addition - තුළින් ඒ සඳහා වැඩි මිලක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
මේ සඳහා පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම, පසු අස්වනු තාක්ෂණය හඳුන්වා දීම හා ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, උපකරණ හා සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම වැනි ආයෝජකයන්ට ආධාර කරන දේවල් අමාත්‍යාංශය මඟින් කර ගෙන යනු ලබයි.
(ආ) (i) 2014 වර්ෂයේදී අය වැය ඇස්තමේන්තුව මඟින් වෙන් කළ සමස්ත ප්‍රතිපාදනය රුපියල් මිලියන 784.3යි. නමුත් 2015 වසරේදී වෙන් කර ඇති සමස්ත ප්‍රතිපාදනය රුපියල් මිලියන 828.4කි. ඒ අනුව 2015 වසර සඳහා වෙන් කළ ප්‍රතිපාදන අඩු වී නොමැත.
(ii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks