01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

6039/2015: Distribution of goods under Dayata Kirula stalled

6039/’15

 

ගරු වාසුදේව නානායක්කාර මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       පසුගිය රජය මගින් සංවිධානය කර තිබූ 2015 දැයට කිරුළ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කය සඳහා වූ නිවාස ආධාර වැඩපිළිවෙළට අදාළව ඇහැලියගොඩ ඡන්ද කොට්ඨාසයේ ඇහැලියගොඩ, කිරිඇල්ල හා කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ඉල්ලුම්කරුවන් 1000 වැඩි පිරිසකගෙන් ඉල්ලුම්පත් ලැබී තිබුණේද;

  (ii) එකී ඉල්ලුම්පත් අනුව සකසනු ලැබූ ඇස්තමේන්තු මත අදාළ භාණ්ඩ සැපයීම සඳහා මිල ගණන් හෝ ටෙන්ඩර් කැඳවීමේ කාර්යය  රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමු කර තිබුණේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මේ වන විට එම නිවාස ආධාර බලාපො‍රොත්තුවෙන් සිටින අඩු ආදායම්ලාභීන් එම ආධාර වැඩපිළිවෙළ වත්මන් රජය විසින් අවලංගු කර තිබේදැයි විමසන බව නිලධාරින් ඇතුළු වගකිවයුත්තන් දන්නේද;

  (ii) ඒ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් විමසා බලා තොරතුරු ලබා ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-05-19

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා සමෘද්ධි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks