පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6035/’15
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ සිදු වන දරු උපත් සංඛ්‍යාව කොපමණද;
(ii) එම දරුවන් සියලු දෙනාටම රු. 20,000.00 දීමනාවක් ලබා දෙන්නේද;
(iii) ඒ සඳහා වාර්ෂිකව වැය වන මුළු මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2015 අයවැයෙන් ඉහත දීමනාව ලබා දීම සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
(ii) වෙන් කරන ලද එම මුදල එකී දීමනාව ලබා දීමට ප්‍රමාණවත් වන්නේද;
(iii) නොඑසේ නම්, ප්‍රමාණවත් මුදලක් වෙන් කර දෙන ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-24
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1,050ක් පමණ.
(ii) රජයේ මාතෘ සායනයක ලියා පදිංචි වී සිටින ගර්භයට සති 12ක් සම්පූර්ණ සෑම ගර්භිණී මවකටම හා දරු උපත සිදු වී මුල් මාස 4 ගෙවමින් සිටින සෑම දරුවකුගේම මවකට මේ ප්‍රතිලාභය ලැබේ.
(iii) රුපියල් මිලියන 8,000 ක් පමණි. (රුපියල් බිලියන 8කි.)
(ආ) (i) 403-02-03-1-1501 වැය ශීර්ෂය යටතේ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500කි. දින සියයේ විප්ලවයේ ගරු රවි කරුණානායක මුදල් අමාත්‍යතුමාගේ ප්‍රකාශය යටතේ මෙම විෂය සඳහා භාණ්ඩාගාරයේ වැය ශීර්ෂය යටතේ රුපියල් මිලියන 1, 000ක් ලබා දීමට එකඟතාවය ප්‍රකාශ කර ඇත. මේ වන විට එම රුපියල් මිලියන 1,000න් රුපියල් මිලියන 250ක් අමතර ප්‍රතිපාදන ලෙස ලබා දී ඇත. (ඒ අනුව මේ වන විටත් රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන නිදහස් කර ඇත.)
(ii) මාස 3කට සෑහෙන ප්‍රතිපාදන අපට ලැබී තිබෙනවා.
(iii) මෙම වැඩසටහන සඳහා මහා භාණ්ඩාගාරය යටතේ වෙන් කර ඇති මුදලින් ඉතිරි මුදල වියදම් වාර්තා ලබා දීමෙන් අනතුරව නිදහස් කිරීමට එකඟතාවය පළ කර ඇති අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දීමට මුදල් අමාත්‍යතුමා එකඟතාවය පළ කර ඇත. භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගෙන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වෙන් කර දීමට නියමිතය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks