පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6019/’15
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අවතැන්ව වෙනත් රටක ජීවත්වන ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට පැමිණෙන විට අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේද;
(ii) එසේ නම්, එම අත්අඩංගුවට ගැනීම් කුමන නීති ප්‍රතිපාදනය යටතේ සිදු කරනු ලබන්නේද;
(iii) එසේ අත්අඩංගුවට ගන්නා ලද තැනැත්තන් පිළිබඳ විස්තර සභාගත කරන්නේද;
(iv) එම තැනැත්තන්ට අදාළව අධිකරණ කටයුතු සිදු කොට තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-24
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වෙනත් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් යුධ ගැටුම් හෝ වෙනත් ස්වභාවික විපත් හේතුවෙන් අවතැන්ව නැවත මෙරටට පැමිණෙන අවස්ථාවලදී අත් අඩංගුවට ගැනීමක් සිදු නොකරයි. නමුත් නීති විරෝධී ලෙස විදේශගතව සිට අවතැන්ව නැවත පැමිණෙන, විදේශ රටවලින් පිටුවහල් කිරීම නිසා අවතැන්ව නැවත පැමිණෙන හා ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතව සිට විදේශ රටවලට පලාගොස් සිට අවතැන්ව නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අත් අඩංගුවට ගැනීම සිදු කරයි.
(ii) 1993 අංක 16 හා සංශෝධිත 1998 අංක 42 සහ 2006 අංක 31 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) ඊ වගන්තිය, ශ්‍රී ලංකා නීති ප්‍රඥප්තියේ 351 වන අධිකාරියේ ආගාමික හා විගාමික පනතේ 34 වන වගන්තිය සමඟ කියවිය යුතු 45 (1) ආ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත.
(iii) අත් අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින ඇතැම් නඩුවල අධිකරණ විමර්ශන කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බැවින් පුද්ගලික විස්තර සභාගත කිරීම අපහසු වේ.
(iv) අත් අඩංගුවට ගත් සියලුම සැකකරුවන්ට විරුද්ධව චෝදනා ගොනු කිරීම් නීතිපති උපදෙස් පරිදි සිදු කර අධිකරණ ක්‍රියා මාර්ග ගෙන ඇති අතර, ඇතැම් සැකකරුවන්ට අදාළ නඩු තව දුරටත් ගරු අධිකරණයේ විභාග වෙමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks