පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-05-08
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වගාකරුවන් දිරිගැන්වීම සඳහා පසුගිය වසරේදී පහත පියවර ගෙන ඇත.
1. රබර් නව වගා සහනාධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම.
2. රබර් නැවත වගා සහනාධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම.
3. වැහි ආවරණ සහනාධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම.
4. අතුරු භෝග සහනාධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම.
5. ඉහළ ප්‍රමිතියෙන් යුතු පැළ නිෂ්පාදනය කර වගාකරුවන්ට බෙදා දීම.
6. වගාකරුවන්, කිරි කැපුම් ශිල්පීන්, බද්ධකරුවන් ඉලක්ක කර ගත් පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
7. කෘෂි ව්‍යාප්ති සේවා පැවැත්වීම.
8. දිවි නැඟුම වැඩ සටහන යටතේ රබර් පැළ, අතුරු භෝග පැළ වර්ග සහ කිරි කපන පිහි බෙදා දීම.
9. රබර් සඳහා සහතික මිල ක්‍රමයක් නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීම.
(ii) රබර් සඳහා වන සහතික මිල රබර් නිෂ්පාදකයන් වෙත රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඍජුවම ලබා දේ. රබර් වගාකරුවන්ට සහතික මිල සඳහා පාදක වන ඉල්ලුම් පත්‍රය රබර් අළෙවි කර ලබා ගත් බිල්පත ද සමඟ ප්‍රදේශයේ රබර් සංවර්ධන නිලධාරි වෙත රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත අතින් හෝ ලිපි මඟින් භාර දිය හැකිය. මීට අමතරව දිවයිනේ සියලු රබර් වගා කරන ප්‍රදේශ ආවරණය වන පරිදි පවත්වන ජංගම සේවා මධ්‍යස්ථාන වෙත ද මෙම ඉල්ලුම් පත් භාර දිය හැකිය. එසේ භාර දෙන ඉල්ලුම් පත්‍ර මඟින් ලබා දෙන තොරතුරු සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය සතු එක් එක් ඉඩම් හිමියා පිළිබඳ තොරතුරු සන්සන්දනය කිරීමෙන් අනතුරුව අදාළ ඉඩම් හිමියාගේ බැංකු ගිණුම වෙත ඍජුවම සහනාධාර මුදල ලබා දෙනු ලැබේ.
(iii) නැත.
(iv) මේ වන විට සහතික මිල ක්‍රමය සඳහා පහත දැක්වෙන පරිදි කාණ්ඩ 4ක් ක්‍රියාත්මක වේ.
ආර්.එස්.එස්.1/2 ශ්‍රේණි - රු.350.00
ආර්.එස්.එස්.3 - රු. 325.00
ආර්.එස්.එස්. 4/5 - රු. 300.00
අමු රබර් කිරි - රු. 300.00
දේශීය වෙළෙඳපොළේ ඉහත එක් එක් වර්ගයට පෙර මාසයේ පවතින මාසික සාමාන්‍ය මිල ගණනය කර එම මාසික සාමාන්‍ය මිල සහ සහතික මිල අතර වෙනස රබර් වගාකරුවන් විසින් අළෙවි කර ඇති රබර් ප්‍රමාණය අනුව ඍජුවම රබර් වගාකරුවන් වෙත ගෙවනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-06-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks