පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5944/’15
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ත්‍රිකුණාමලය, කොඩ්බේහි පිහිටි ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයට (NARA) අයත් නිලධාරි නිවස්නය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පරිහරණයට ලබා දී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ත්‍රිකුණාමලය හා තදාසන්න ප්‍රදේශවල රාජකාරි කටයුතුවල නියැලීමේදී, නාරා ආයතනයේ පර්යේෂකයන්ට ප්‍රයෝජනයට ගැනීමට තිබූ ඉහත සඳහන් නිවස්නය සිවිල් පරිපාලනය ස්ථාපනය වී ඇති අවස්ථාවක තවදුරටත් නාවික හමුදාව භාරයේ තැබීමේ අවශ්‍යතාවයක් තිබේද;
(ii) එම නිවස්නය යළි නාරා ආයතනයට පවරා නොගන්නේද;
(iii) එම පවරා ගැනීම සිදු කරන්නේ නම්, එම දිනය කවරේද;
(iv) එම නිවස්නය යළි නාරා ආයතනයට පවරා ගන්නා තෙක්, නාරා ආයතනයේ පර්යේෂකයන්ට හා නිලධාරීන්ට එම ප්‍රදේශයේ රාජකාරි කිරීමේ දී නවාතැන් පහසුකම් සලසා දෙන්නේ කෙසේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-05-19
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) නැත.
(ii) පවරා ගැනීම සුදුසු බව අමාත්‍යාංශයේ තීරණය වන අතර, ඒ සඳහා කටයුතු කරමින් පවතී.
(iii) දින වකවානුවක් සඳහන් කළ නොහැක.
(iv) ත්‍රිකුණාමල ප්‍රදේශයේ පර්යේෂණ කටයුතුවල නියැලෙන පර්යේෂකයින් හා නිලධාරින් සඳහා තාවකාලික කුලී පදනම මත නවාතැන් පහසුකම් සපයා දෙනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks