04

E   |     |  

 දිනය: 2015-04-24   පිළිතුර ලබා දී ඇත 

5928/2015: Squatters in the lands of Pulmude Asirikanda Puraana Temple

5928/’15

 

ගරු සුසන්ත පුංචිනිලමේ  මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, පුල්මුඩේ පිහිටි, අසිරිමලේ ආසිරිකන්ද පුරාණ රජ මහා විහාරයට අයත් ඉඩම් ඇතුලු පූජනීය දේපළ විවිධ ජාතීන්ගේ අනවසර ග්‍රහණයන්ට ලක්ව ඇති බැවින්  එකී විහාරස්ථානයට අයත් ඉඩම් ඉපැරණි සීමා වෙන් කිරීම් අනුව මැන නීත්‍යානුකූලව වෙන්කර දෙන දිනය කවරේද;

(ii) ඇතා නැගි කන්ද විහාරය, යාන්ඔය රජ මහා විහාරය, නාගලෙන රජ මහා විහාරය සහ වෙනත් පෞරාණික විහාරස්ථාන ද අනවසර පදිංචිකරුවන්ගේ හා බෞද්ධ උරුමයන් විනාශ කරන්නන්ගේ ග්‍රහණයට හසුව ඇති බැවින් එම විහාරස්ථානවලට අයත් ඉඩම්වල මැනුම් කටයුතු සිදුකර  වෙන්කර දෙන දිනය කවරේද;

(iii) ඉහත විහාරස්ථානවලට අයත් ඉඩම් බව නොදැන එම ඉඩම්වල පදිංචි වී සිටින පවුල් සඳහා වෙනත් ප්‍රදේශයකින් ඉඩම් ලබාදීමට කටයුතු නොකිරීමට හේතුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් එක් එක් විහාරස්ථානයට අයත් ඉඩම්වලින් මේ වන විට ඉවත් කළ යුතු බවට හඳුනාගෙන ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) එම පදිංචිකරුවන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-24

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks