04

E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

5927/2015: Padaviya original residents disadvantaged

5927/’15

ගරු සුසන්ත පුංචිනිලමේ  මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, තෙන්නමරවාඩිය ග්‍රාම නිලධාරි වසමෙහි හා තදාසන්න ප්‍රදේශයට අයත් තොරංකාඩුව, 2 කණුව, 4 කණුව, තෝරමරිප්පු, බොරවැව, කුල්ලකල්ලිය, නෙළුම්වැව යනාදී ගම්වල පදවි ව්‍යාපාරය යටතේ පදිංචි කර සිටි පැරණි භුක්තිකරුවන් හා නව හිමිකරුවන් අතර ඉඩම් ගැටලුවක් උද්ගත වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් උක්ත ප්‍රදේශවලින් පැරණි භුක්තිකරුවන් ජීවිත ආරක්ෂාව පතා ඉවත් වූ පසු, එම ඉඩම්වලට දීමනාපත්‍ර    (LDO) ලබා දී අලුත් පිරිසක් පදිංචි කරවූ අය කවුරුන්ද;

(ii) එසේ පදිංචි වූ අයගේ නම් හා ලිපිනයන් කවරේද;

(iii) වාර්ෂික බලපත්‍ර මත එකී ඉඩම්වල පදිංචිව සිටි පැරණි භුක්තිකරුවන් කවුරුන්ද;

(iv) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඉහත ඉඩම්වල නීත්‍යානුකූල හිමිකාරීත්වය ඇත්තේ පදවිය ව්‍යාපාරය යටතේ මුල් භුක්තිකරුවන්ටද; නොඑසේ නම්, දීමනාපත්‍ර මත පසුව පදිංචි කරවූවන්ටද;

(ii) ඉහත ගැටලුව නිරවුල් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;

(iii) එම ක්‍රියාමාර්ගය ගනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks