E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

5922/2015: හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

5922/’15

 

ගරු විදුර වික්‍රමනායක මහතා,— පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හොරණ, හෑගල්ල සිට ලබුගම හන්දිය දක්වා මාර්ගය, හොරණ සව්ගස් හන්දිය සිට කුඩා උඩුව දක්වා තල්ගහවිල මාර්ගය, හොරණ, කුළුපන සිට ඔලබොඩුව දක්වා මව්ගම මාර්ගය සහ හොරණ, ඕවිටියාගල හේන්කන්ද හරහා උඩුව මාර්ගය යන මාර්ගවල උරහිස් පළුදු කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අනුමතිය ලබා නොදීම නිසා, එම ප්‍රදේශවල ජනතාවට පානීය නල ජලය ලබා දීම සඳහා අනුමතව ඇති ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) එම ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීමේ  ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා, කාපට් අතුරා වසර පහකටත් වඩා කල්ගතවී ඇති ඉහත සඳහන් මාර්ගවලට අවම හානියක් වන පරිදි,  එකී මාර්ගයන්හි උරහිස් පළුදු කිරීම සඳහා අවසරය ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් සභා සහ ප්‍රදේශීය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           මාර්ග පිළිසකර කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ඇස්තමේන්තු ලබා දී ඇත.

(ආ)     ඔව්.

           මුදල් ප්‍රතිපාදන ලබා දීමෙන් පසු අවසර ලබා දිය හැකිය.

(ඇ)     අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks