01

E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

5920/2015: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව: බලපත්‍ර සහිත/රහිත අලි

5920/’15

 

ගරු සුසන්ත පුංචිනිලමේ  මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර සහිතව මෙන්ම රහිතව අලි ඇතුන් රඳවා සිටින ස්ථාන සොයා ගොස් අත්අඩංගුවට ගැනීම් සිදු කර අදාළ බලපත්‍රවල නිරවද්‍යභාවය තහවුරු කර ගැනීමටත් පෙර එම සිද්ධි  ප්‍රසිද්ධ මාධ්‍ය මඟින් අපහාසාත්මක ලෙස ප්‍රචාරය කිරීමේ වැඩ සටහනක් තිබෙන බව එතුමා දන්නෙහිද?

(ආ) (i) පසුගිය ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගත් බලපත්‍ර සහිත අලි - ඇතුන් සංඛ්‍යාව කොපමණද;

(​ii) එම බලපත්‍රලාභීන්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;

(iii) එකී කාල සීමාව තුළ අත්අඩංගුවට ගත් බලපත්‍ර රහිත අලි - ඇතුන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම බලපත්‍ර රහිත අලි - ඇතුන් රඳවාගෙන සිටි අයගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක කවරේද;

(v) අත්අඩංගුවට ගෙන ඇති අලි - ඇතුන් රඳවා ඇති ස්ථානය කවරේද;

(vi) ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය කවරේද;

(vii) නීත්‍යානුකූලව නැවත භාර දිය යුතු අලි - ඇතුන් හඳුනාගෙන තිබේද;

(viii) එසේ නම්, ඔවුන් නැවත භාර දෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       නොදනී.

(ආ)         (i)       අත් අඩංගුවට ගත් බලපත්‍ර සහිත අලි ඇතුන් සංඛ්‍යාව     08යි.

              (ii)     

 

බලපත්‍ර අංකය

බලපත්‍රලාභියාගේ නම

ලිපිනය

දුරකථන අංකය

1

147

පූජ්‍ය බ්‍රාහ්මණගම රතනසාර හිමි

ශ්‍රී විපස්සනාරාමය, මහරගම

ලේඛනවල සටහන්ව නොමැත

2

148

කේ. ප්‍රේමසිරි

නො. 331, කඩවීදිය, හබරණ

ලේඛනවල සටහන්ව නොමැත

3

163

එස්. නන්දදාස

ශ්‍රී විපස්සනාරාමය, මහරගම

ලේඛනවල සටහන්ව නොමැත

4

230

එස්. මීයනපලාව

නිකපිටිය, උස්සාපිටිය, මාවනැල්ල

ලේඛනවල සටහන්ව නොමැත

5

325

ජේ.පී.පී. විතාන

ඕවිටිගල, මතුගම.

ලේඛනවල සටහන්ව නොමැත

6

344

කොළොන්නාවේ ශ්‍රී සුමංගල හිමි

දෙව්රම් වෙහෙර, පන්නිපිටිය.

ලේඛනවල සටහන්ව නොමැත

7

345

කිත්සිරි කහටපිටිය

පොකුණුවිට, කුළුපණ

ලේඛනවල සටහන්ව නොමැත

8

346

සී.ඩබ්ලිව්.එස්. හපුආරච්චි කිත්සිරි

ඉන්ද්‍රානි, වීදියගොඩ,

ලේඛනවල සටහන්ව නොමැත

 

 

 

 

 

 

 

 

 

 

(iii) අත් අඩංගුවට ගත් බලපත්‍ර රහිත අලි ඇතුන් සංඛ්‍යාව 03යි.

(iv)

  නම

 ලිපිනය

    දුරකථන අංකය

1 භාරකරුවෙකු    ඉදිරිපත් වී   නැත.     2. හේවාගමගේ සුනිල්      3. ටී.ආර්.සිසිර කුමාර

ඇලන්මැතිනියාරාමය, පොල්හේන්ගොඩ, නුගේගොඩ.  නො.13,මැද බෝපිටිය, පැල්මඩුල්ල.   යහලේවෙල, අජිත්  වෙළඳසැල, ගොඩකවෙල.

ලේඛනවල සටහන්ව නොමැත    ලේඛනවල සටහන්ව නොමැත   ලේඛනවල සටහන්ව නොමැත

(v)

    රඳවා සිටින ස්ථානය

  අලි ඇතුන්  සංඛ්‍යාව

ජාතික සත්වෝදයාප දෙපාර්තමේන්තුවේ පින්නවල අලි  අනාථාගාරය

        08

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උඩවලව  ඇත් අතුරු සෙවන

         02

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගිරිතලේ පුහුණු කේන්ද්‍රය

  01

 

 

(vi)

   බලපත්‍ර අංකය

අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය

 

        147

 පාදවල ආබාධ  ඇත

 

        148

 හොඳයි

 

        163

 වාර්තා කැඳවා ඇත

 

        230

 හොඳයි

 

        325

 වාර්තා කැඳවා ඇත

 

        344

 හොඳයි

 

        345

 වාර්තා කැඳවා ඇත

 

        346

 හොඳයි

 

  බලපත්‍ර  රහිත අලි තිදෙනා

 වාර්තා කැඳවා ඇත

 

 

  (vii)   ‍ නැත. දැනට ගෙන ඇති  අධිකරණ ක්‍රියාමාර්ග හා විමර්ශන අවසන් වීමෙන් පසු  එම අලි ඇතුන් පිළිබඳව අදාළ  අධිකරණ නියෝග  පරිදි කටයුතු කරනු ලැබේ.

 (viii) අදාළ පරිදි අධිකරණ නියෝග ලද පසුව.

 

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සේනානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks