04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

5917/2015: Assault on Employee of Govijana Sanvardhana Department

5917/’15

 

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (​i)       2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය පැවති 2014.12.23 දින ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට දේශපාලනඥයකු හා ඔහුගේ ආරක්ෂකයන් විසින් පහරදීමක් සිදුකර ඇති බවත්;

(ii) එම පහරදීම හේතුවෙන් පහර කෑමට ලක්වූ අය රෝහල් ගතව සිටි බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ද වන සඳුන් හේමන්ත නමැති එම  සේවකයාට දේශපාලන හේතු මත සිදු කරනු ලැබූ එම පහරදීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කර තිබේද;

(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;

(iii) චෝදනා ලබා ඇති පුද්ගලයන්ගේ නම් සහ අනෙකුත් තොරතුරු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-21

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks