logo

02

E   |     |  

 දිනය: 2015-04-21   පිළිතුර ලබා දී ඇත 

5916/2015: ආරක්ෂක අංශයේ පරීක්ෂාවට ලක් වූ ආගමික ස්ථාන: විස්තර

5916/’15

 

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2015.01.08 දින පැවති ජනාධිපතිවරණයෙන් පසු දේශපාලනික හෝ වෙනයම් හේතු මත    පොලිස් හෝ වෙනත් ආරක්ෂක අංශවල පරීක්ෂාවන්ට ලක්වූ කතෝලික දේවස්ථාන, හින්දු ආගමික ස්ථාන සහ මුස්ලිම් දේවස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එසේ පරීක්ෂාවට ලක්කළ එක් එක් අදාළ ආගමික ස්ථානයේ නම, ලිපිනය, දුරකථන අංකය පරීක්ෂාවට ලක් කළ දිනය සහ ඊට අදාළ වූ හේතුන්, කතෝලික, හින්දු සහ මුස්ලිම් යන ආගමික ස්ථාන අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-21

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      පොලිස් හෝ වෙනත් ආරක්ෂක අංශ විසින් කතෝලික දේවස්ථාන, හින්දු ආගමික ස්ථාන සහ මුස්ලිම් දේවස්ථාන පරීක්ෂාවට ලක් කර නොමැත.

              (ii)      පැන නොනඟී.

 (ආ)     පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks