පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-04-22
අසන ලද්දේ
ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මරණ දඬුවමට ලක් වී බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව
ගැහැණු - 05
පිරිමි - 474
එකතුව - 479
(ii) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව
ගැහැණු - 22
පිරිමි - 243
එකතුව - 265
(iii) ජීවිතාන්ත සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලා අවසන් වරට එම ජීවිතාන්ත සිර දඬුවම නිශ්චිත සිර දඬුවමක් බවට පත් කර ඇත්තේ 2002.06.10වන දිනය. මරණ දඬුවම නියමවූවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලා ඔවුන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරීමක් සිදු කරනු නොලැබේ.
(iv) නියම කරන ලද දඬුවමක් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව අදාළ වේ. එකී ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවේ ව්‍යතිරේකය ප්‍රකාරව, 'යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක, ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුතුය. එකී වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට එකී වාර්තාව පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව තිපතිවරයාගේ එම උපෙදස් සමඟ එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුතුය. ඉන් පසුව, එකී අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමඟ එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුතුය'.
මරණීය දණ්ඩනය නියම වූවන්ට එම දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් බවට පත් කිරීමට හෝ වරදේ බරපතළකම සැලකිල්ලට ගෙන එසේ නොකිරීමට අදාළ නිර්දේශ අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට මා විසින් කමිටුවක් පත් කර ඇත. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව සතිපතා රැස් වි නිරේදේශ සකස් කරමින් පවතී. එම නිර්දේශ අතිගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ජීවිතාන්ත සිර දඬුවම් නිශ්චිත සිර දඬුවමක් බවට පත් කිරීම සඳහා සමාලෝචන වාර්තා, අතිගරු ජනාධිපතිතුමා වෙත නොබෝ දිනකින් යොමු කිරීමට නියමිතය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks