01

E   |     |  

 දිනය: 2015-04-21   පිළිතුර ලබා දී ඇත 

5906/2015: සිරකරුවන්ගේ ශ්‍රමයට ලබා දෙන වේතනය: විස්තර

5906/’15

 

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ ශ්‍රමය යොදා ගැනීමේදී ඔවුන්ට වේතනයක් ලබා දෙන්නේද;

            (ii)       එසේ නම්, එම වේතනය කොපමණද;

(iii) එම වේතනය අවසාන වරට සංශෝධනය කළ දිනය කවරේද;

(iv) වර්තමාන තත්ත්වයන්ට අනුව එම වේතනය වැඩි කළ යුතුව තිබෙන බව දන්නේද;

(v) බ්‍රිතාන්‍යය වැනි රටවල සිරකරුවන් සඳහා මසකට පවුම් 200 ලබා දෙන වාතාවරණයක් තුළ මෙරට සිරකරුවන්ට දැනට ලබා දෙන වේතනය වැඩි කරනු ලබන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-21

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      I වන ශ්‍රේණියේ සිටින නේවාසිකයෙකු සඳහා - දිනකට රු. 1.00

                        II වන ශ්‍රේණියේ සිටින නේවාසිකයෙකු සඳහා - දිනකට රු. 1.50

                        III වන ශ්‍රේණියේ සිටින නේවාසිකයෙකු සඳහා - දිනකට  රු. 2.00

                        IV වන ශ්‍රේණියේ සිටින නේවාසිකයෙකු සඳහා - දිනකට රු. 2.50    

              (iii)      1982 නොවැම්බර් 15 වන දින

              (iv)      ඔව්. සිරකරුවන් සඳහා දඬුවම් ලබා දෙන අතරම ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ කාර්ය භාරය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ඉටු කරනු ලබයි. ඒ අනුව සිරකරුවන් සඳහා දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙන්ම ඔවුන් තුළ යහපත් ආකල්ප ඇති කිරීමේ අරමුණින් සිරකරුවන් වෘත්තීය පුහුණුවකට යොමු කෙරේ. දැනට තිබෙන වේතනය සංශෝධනය කිරීමට කටයුතු කරමින් පවතී.

(v) ඉදිරියේදී නව සංශෝධිත සිර වේතන ක්‍රමයක් සකස් කිරීමට කටයුතු කරමින් පවතී.

 (ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks