01

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5877/2015: වෙන්නප්පුව ධීවර වරාය: ඉදිකිරීම් කටයුතු

5877/’15

 

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා,— ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ දිගම වෙරළ තීරය අයත් වන පුත්තලම් දිස්ත්‍රික්කය තුළ එකදු ධීවර වරායක් හෝ ධීවර නැංගුරම්පළක් ඉදිකර නොමැති බවත්;

            (ii)       පසුගිය රජය ඉදිරිපත් කළ 2013/2014 අයවැය යෝජනා අතර වෙන්නප්පුව ප්‍රදේශයේ ධීවර වරායක් ඉදිකිරීම සඳහා යෝජනාවක් තිබූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත (අ) (ii) හි සඳහන් යෝජනාවට අනුව, වෙන්නප්පුව ප්‍රදේශයේ ධීවර වරායක් ඉදිකිරීම සඳහා වෙන් කළ මුදල කොපමණද;

(ii) එම වෙන් කළ මුදලින් ධීවර වරාය ඉදිකිරීම ආරම්භ කරන දිනය කවරේද;

(iii) එකී ධීවර වරාය ඉදිනොකරන්නේ නම්, ඊට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු හා ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)         (i)      ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 1,000කි. මූලික සැලසුම් සකස් කිරීම සඳහා 2015 වර්ෂය වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 40කි.

              (ii)      මූලික සැලසුම් මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිතය.

             (iii)      පැන නොනඟී.

(ඇ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks