01

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5876/2015: මහ බැංකුවේ නව අධිපතිවරයා : පුරවැසිභාවය

5876/’15

 

ගරු ලලිත් දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)       ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා කවුරුන්ද;

            (ii)       එම තැනැත්තාට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබේද;

(iii) එසේ නම්, ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් දිනය කවරේද;

(iv) ඔහු ශ්‍රී  ලංකා පුරවැසියෙක් නොවේ නම්, ඔහුට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුර දැරීමේ හැකියාවක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා.   

              (ii)      නැත.

            (iii)      ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂා කරයි. ඒ පිළිබඳව කටයුතු සිදු වෙමින් පවතී.

             (iv)      තිබේ.

(ආ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks