01

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5864/2015: පොලිස් ස්ථාන: අඩු පාඩු

5864/’15

 

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      මේ වන විට රට තුළ ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)       මේ වන විට එම පොලිස් ස්ථානවල අඩුපාඩු රැසක් පවතින බවත්;

(ii) අලව්ව පොලිස් ස්ථානයද නවීකරණයට ලක් කළ යුතුව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) අඩුපාඩු සහිත පොලිස් ස්ථාන නවීකරණය කිරීමට හෝ අලුතින් ඉදිකිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      438කි.

(ආ)    (i)    ඔව්.   

        (ii)     ඔව්.

(ඇ)     ඔව්. දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල ගොඩනැඟිලි මෙම වර්ෂයේ අලුත්වැඩියා කිරීම සඳහා ඇස්තමේන්තු කැඳවා, නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. 2015 වර්ෂයේ පොලිස් ස්ථාන 23ක් (අවිච්ඡේද වැඩ)  ඉදි කිරීමේ කටයුතු සහ විශේෂ ව්‍යාපෘතිය යටතේ 2014 -2016 මධ්‍ය කාලීන අය  වැය රාමුව තුළින්  කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති නව පොලිස් ස්ථාන 39  ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කර සිදු කරමින් පවතී.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks