01

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5863/2015: සමෘද්ධිලාභී පවුල්: විස්තර

5863/’15

 

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— නිවාස හා සමෘද්ධි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වන විට සමෘද්ධි සහනාධාර ලබා දෙන අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම එක්  පවුලක් වෙනුවෙන් ලබා දෙන සහනාධාරවල වටිනාකම කොපමණද;

(iii) 2015 වර්ෂයේ දී එම මුදල ඉහළ දැමීමට පියවර ගන්නේද;

(iv) එසේ නම්,  ඒ අනුව වැඩි කරනු  ලබන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස හා සමෘද්ධි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015 මාර්තු මාසය වන විට සමෘද්ධි සහනාධාර ලබා දෙන අඩු ආදායම් පවුල් සංඛ්‍යාව 1,478,014යි.

           (ii)      2015 ජනවාරි මාසය වන විට ලබා දුන් සහනාධාර වටිනාකම්.

 

පවුලේ සාමාජික සංඛ්‍යාව

සහනාධාර වටිනාකම (රුපියල්)

            1, 2

         1000/-

             3

          2000/-

    4 හෝ 4ට වැඩි

          3000/-

    සවිබල ගැන් වූ

            420/-

(iii) ඔව්.

(iv) 2015 අතුරු අය වැය මඟින් සහනාධාර වටිනාකම සියයට 200කින් වැඩි කිරීමට තීරණය කර ඇත. ඒ අනුව පහත සඳහන් පරිදි සහනාධාර වටිනාකම් 2014 අප්‍රේල් මස සිට වැඩි වේ.

 

2014 දෙසැම්බර් මාසය

2015  ජනවාරි මාසය

පවුලේ සාමාජික සංඛ්‍යාව

     210/-

       630/-

සවිබල ගැන්වූ

     750/-

     2250/-

1, 2

   1200/-

     3600/-

3

   1500/-

     4500/-

4 හෝ 4ට වැඩි

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks