logo

බලන්න

02

E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

5862/2015: මාර්ග සංවර්ධන ව්‍යාපෘති: වර්තමාන තත්ත්වය

5862/’15

 

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මාර්ග පද්ධතියේ ඇති දියුණුව අප රටේ සංවර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් වන බවත්;

             (ii)       පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට මාර්ග සංවර්ධන කටයුතු රැසක් සිදු වූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මේ වන විට  අතරමග නැවතී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ගනු ලබන  ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)   මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගයන්හි ආරම්භ කර ඇති සංවර්ධන සහ පුනරුත්ථාපන  කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ගෙන යනු ලැබේ.

(ඇ)   පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks