පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5847/’14
ගරු මොහමඩ් අස්ලම් මහතා,— මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා වකුෆ් මණ්ඩලයේ, අංක R/0682/T/036 යටතේ ලියාපදිංචි ජුම්ආ දේවස්ථානයේ නිශ්චල දේපළ (ඉඩම්, නිවාස හා වෙළඳසැල්) පරිහරණයේදී සිදුවී යැයි කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන්නේද;
(ii) එම දේවස්ථානයට අයත් දේපළවලින් ලැබෙන ආදායම හා වැය ශේෂය සම්බන්ධයෙන් විශේෂිත නව භාරකාර මණ්ඩලයක් යටතේ විගණනය කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් වකුෆ් දේපළ පරිහරණයේදී වංචා සහගත ලෙස, පුද්ගල නමින් ඔප්පු සකස් කොට පවරන ලද දේපළ තිබේද;
(ii) එසේ නම්, එවැනි දේපළ තහනම් කිරීමටත්, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් උපදෙස් දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-09
අසන ලද්දේ
ගරු ගරු මොහමඩ් අස්ලම් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මෙතෙක් ඒ සම්බන්ධයෙන් වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ප්‍රශ්නය මත පදනම්ව මූලික විමර්ශනයක් කිරීමට නියමිතය.
(ii) මූලික විමර්ශන වාර්තාව වකුෆ් මණ්ඩලය වෙත ඉදිරිපත් කර එහි තීරණය මත ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇත.
(ආ) (i) දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැත.
(ii) මූලික විමර්ශන වාර්තාව වකුෆ් මණ්ඩලය වෙත ඉදිරිපත් කර එහි තීරණය මත ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks