පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5774/’14
ගරු පාලිත තෙවරප්පෙරුම මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමා සහ බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මතුගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ, හොරවල උප කාර්යාල සීමාව තුළ හොරවල, දියකිතුලගොඩවත්ත, මතුගම - අළුත්ගම පාරට මුහුණලා පිහිටි අමරපාල ජයනෙත්ති මහතාට අයත් පර්චස් 2.8ක කුඩා ඉඩමේ ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලැස්ම අනුමතකර ඇති බවත්;
(ii) එම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු අවට නිවෙස්වලට ගමන් කරන මාර්ගයට හා අසල ඉදිකර ඇති ගොඩනැගිලිවලට අවහිරතා ඇති වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කිරීම රජයේ නීති රීති අනුව සිදු කර තිබේද;
(ii) නොඑසේ නම්, එම ගොඩනැගිලි සැලැස්මට අනුමතිය ලබා දී ඇති ක්‍රියා පිළිවෙත කවරේද;
(iii) එම අනුමතිය කිනම් පාර්ශ්වයක අවශ්‍යතාවය මත සිදු කර තිබේද;
(iv) රජයේ නීති රීති අනුව නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවසරය ලබා දීම සඳහා තිබිය යුතු අවම බිම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-06
අසන ලද්දේ
ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
සැලැස්මක්* අනුමත කර ඇත.
(ii) ඔව්.
දැනට පවත්නා පාර පුළුල් කිරීමට සිදු වුවහොත් බාධා වන බව දනිමි.
(ආ) (i) නැත.
නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ රෙගුලාසි හා ඒ හා සම්බන්ධ චක්‍රලේඛ උපදෙස්වලට අනුකූල නොවූ අවස්ථා පිළිබඳව වාර්තා වී ඇත.
(ii) ඉදිකිරීම්කරුගේ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් අනුමැතිය ලබා දීම සිදු කර ඇත.
(iii) ඉදිකිරීම්කරුගේ අභියාචනය පරිදි නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ බලතල ප්‍රකාරව සභාපතිවරයාට ඇති බලතල අනුව අනුමැතිය ලබා දීම සිදු කර ඇත.
(iv) නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතට ගැනිය හැකි ප්‍රදේශ සම්බන්ධයෙන් එම නීතිය යටතේ අවම බිම් ප්‍රමාණය තීරණය වී නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කරු ජයසූරිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks