01

E   |     |  

 දිනය: 2015-05-20   පිළිතුර ලබා දී ඇත 

5756/2015: අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ භාෂා අයිතිය සුරක්ෂිත කිරීම: පියවර

5756/’14

 

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අග්නිදිග විශ්වවිද්‍යාලයේ, සමන්තුරේ පීඨයේ, පීඨමණ්ඩල රැස්වීමේදී සිංහල භාෂාවෙන් අදහස් නොදක්වන ලෙස පීඨාධිපතිවරයා පවසා ඇති බවත්;

            (ii)       ඒ හේතුවෙන් එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ භාෂා අයිතිය අහිමි වී ඇති බවත්;

(iii) මෙම නියෝගය ජාතිවාදය වැපිරීමක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ භාෂා අයිතිය සුරක්ෂිත කිරීමට  පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, ඒ කෙසේද;

(iii) උක්ත පීඨාධිපතිගේ (අ)(i) හි සඳහන් නියෝගයට එරෙහිව අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-05-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       එවැන්නක් වාර්තා වී නොමැත. එම පීඨයේ අධ්‍යයන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන අතර සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ඕනෑම භාෂාවකින් අදහස් දැක්වීමේ ඉඩකඩ එමඟින් අවහිර වී නොමැත.

              (ii)       අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

(ආ)         (i)       ඔව්.

              (ii)       ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය දමිළ සිසුන් වෙනුවෙන් සිංහල භාෂා පුහුණු පාඨමාලාවන්ද, සිංහල සිසුන් වෙනුවෙන් දමිළ භාෂාව පුහුණු පාඨමාලාවන්ද අඛණ්ඩව පවත්වනු ලැබේ.

     (iii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී. 

පිළිතුරු දුන් දිනය

2015-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks