පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5754/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියන් ඉවත් කළ පසු එය පිරිසිදු කිරීම සඳහා වැය කළ මුදල කොපමණද;
(ii) එම මුදල සපයාගත් මූලාශ්‍ර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බෝගම්බර බන්ධනාගාරය වර්තමානයේ කුමන කටයුත්තක් සඳහා භාවිතා කරනු ලබන්නේද;
(ii) එහි අයිතිය පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට පවරා තිබේද;
(iii) එසේ නම්, එම ආයතනයේ හෝ පුද්ගලයාගේ නම, ලිපිනය හා දුරකථන අංක කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-24
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රු.1,163,202.25ක මුදලක් පහත පරිදි වියදම් කර ඇත.
|
පස් හා ගඩොල් කෑලි ඉවත් කර පිරිසිදු කිරීම සඳහා J.C.B බැකෝ යන්ත්‍රයක් යොදවා ගැනීම |
ගිහාන් හාඩ්වෙයාර්, අංක 138, දිගන පාර, කුණ්ඩසාලේ. |
රු.31,900.00 |
|
පස් හා ගඩොල් කෑලි ඉවත් කර පිරිසිදු කිරීම සඳහා ටිපර් රථ 03ක් යොදවා ගැනීම |
ඇලන් හාඩ්වෙයාර්, අංක 02, නව දිගන නුවර පාර, හේන්වල |
රු.25,500.00 |
|
බෝගම්බර බන්ධනාගාරයේ තිබූ විදුලි ජනන යන්ත්‍රය නව දුම්බර බන්ධනාගාරයේ ස්ථාපිත කිරීම |
බ්‍රවුන්ස් සහ සමාගම, 34, සර් මොහොමඩ් මැකෑන් මාර්කස් මාවත, කොළම 03 |
රු.392,000.00 |
|
මුළු එකතුව |
|
රු.1,163,202.25 |
(ii) භාණ්ඩාගාර ප්‍රතිපාදන මඟින්.
(ආ) (i) නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එම පරිශ්‍රය සංස්කෘතික, සංචාරක හා මහජන කටයුතු සඳහා ඉඩ පහසුකම් සැලසෙන පරිදි යොදා ගැනීමට නියමිතව ඇත.
|
කාර්යය |
ඉටු කළ ආයතනය |
වැය වූ මුදල් |
|
වඩු අංශයේ මැෂින් ගැලවීම |
ශ්‍රී ලංකා දුම්රිය සේවය |
රු. 392,802.25 |
|
එල්ලුම් ගස ගලවා නව දුම්බර බන්ධනාගාරය වෙත ප්‍රවාහනයට |
දිසානායක ටයර් ඇන්ඩ් මෝටර්ස්, නො 58, හේවාහැට, තල්වත්ත, මහනුවර |
රු. 79,000.00 |
|
මැෂින් පැටවීම හා බෑම සඳහා ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් ලබා ගැනීමට |
දිසානායක ටයර් ඇන්ඩ් මෝටර්ස්, නො 58, හේවාහැට, තල්වත්ත, මහනුවර |
රු.100,000.00 |
|
මැෂින් රැගෙන යාම සඳහා බුම් ට්‍රක් රථයක් ලබා ගැනීම. |
දිසානායක ටයර් ඇන්ඩ් මෝටර්ස්, නො 58, හේවාහැට, තල්වත්ත, මහනුවර |
රු.142,000.00 |
(ii) නැත. නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇත.
(iii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks