01

E   |     |  

 දිනය: 2015-02-18   පිළිතුර ලබා දී ඇත 

5443/2015: විදේශ රැකියා නියුක්තියේදී මියයන ශ්‍රී ලාංකිකයන්: ක්‍රියා මාර්ග

5443/’14

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

 (අ)     වර්ෂ 2009 සිට 2013 දක්වා කාලය තුළ රැකියා සඳහා  විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් අතරින් ගෘහ සේවයේ, කර්මාන්ත ශාලාවල සේවයේ සහ වෙනත් විවිධ රැකියාවන්වල යෙදී සිටියදී මිය ගිය සංඛ්‍යාව පිළිබඳව මෙම සභාව දැනුවත් කර තිබේද යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ආ)  විදේශ රැකියාවල යෙදී සිටියදී සැක කටයුතු ලෙස මිය ගිය අය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-18

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)  

 

 

වර්ෂය

2009

2010

2011

2012

2013

ගෘහ සේවයේ යෙදී සිටියදී මිය ගිය සංඛ්‍යාව

118

100

94

110

107

කර්මාන්තශාලාවල සේවයේ යෙදී සිටියදී මිය ගිය සංඛ්‍යාව

168

179

145

127

140

වෙනත් විවිධ රැකියාවල යෙදී සිටියදී මිය ගිය සංඛ්‍යාව

  46

  52

  63

  49

  48

මිය ගිය මුළු සංඛ්‍යාව

332

331

302

286

295

(ආ) නැත.

(ඇ) විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව සෘජුව කටයුතු කරන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සඳහා මැදිහත් නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks