02

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

5436/2015: ඩීසල්වල ගෙන්දගම් ප්‍රතිශතය: විස්තර

5436/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තය සතු මුතුරාජවෙල ටැංකි සංකීර්ණය සඳහා ආනයනය කළ ඩීසල්වල ගෙන්දගම් ප්‍රතිශතය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?  

(ආ)       (i)       ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉන්ධන පිරවුම්හල්වල විකිණීමට ඇති ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල්වල ඇති ගෙන්දගම් ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii) ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇති ඉන්ධන පිරවුම්හල්වලට ලංකා ඔටෝ ඩීසල් හා සුපර් ඩීසල් ලබා දෙන්නේ කුමන ඛනිජ තෙල් ගබඩා පර්යන්තයෙන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ගෙන්දගම් ප්‍රතිශතය 0.05කි. (500 ppm)

(ආ)            I       ඔටෝ ඩීසල් හා සුපර් ඩීසල්වල ගෙන්දගම් ප්‍රතිශතය

 

  ඉන්ධන වර්ගය

  ගෙන්දගම් ප්‍රතිශතය

   ඔටෝ ඩීසල්

      0.05

   සුපර් ඩීසල්

      0‍.001

(ශ්‍රී ලංකාව පුරාම බෙදා හරිනු ලබන ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් සඳහා ඉහත ගෙන්දගම් ප්‍රතිශතයන් අදාළ වේ.)

               II.        ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් බෙදා හරින පර්යන්ත

 

  ඉන්ධන වර්ගය

ඛනිජ තෙල් ගබඩා පර්යන්තය

   ඔටෝ ඩීසල්

      මුතුරාජවෙල

   සුපර් ඩීසල්

      කොළොන්නාව


(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks