පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2015-03-17
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) විශේෂිත නොවන කොට්ඨාසයන් වශයෙන් වර්ග කර ඇති වංචා දූෂණ විමර්ශන, ගොඩනැඟිලි, සිවිල් ආරක්ෂක, කොළඹ අපරාධ, කොළඹ වංචා විමර්ශන, කොළඹ රථවාහන, අපරාධ, විනය හා කල්ක්‍රියා, මැතිවරණ, පරිසර ආරක්ෂක, හිටපු ජනාධිපති ආරක්ෂක, මානව හිමිකම්, පරීක්ෂණ හා පුනරීක්ෂණ, අධිකරණ ආරක්ෂක, කළමනාකරණ සංවර්ධන, දුක්ගැනවිලි, සංවිධානාත්මක අපරාධ, පිරිස් හා ලේඛන, දේපළ කළමනාකරණ, පොලිස් නීති, පොලිස් නාවික, පොලිස් මහජන සම්බන්ධතා, පොලිස් ක්‍රීඩා, සංචාරක, බඳවා ගැනීම්, සැපයුම්, අධිවේගී රථවාහන, රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂක සහ සුභසාධක යන කොට්ඨාසයන් ද ප්‍රජා පොලිස් ඒකකය, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, පොලිස් මූලස්ථානය හා ළමා හා කාන්තා කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරින් සහ විශේෂිත දීමනා හිමිකම් පවතින කොට්ඨාස ලෙස වර්ග කර ඇති තොරතුරු හා තාක්ෂණ, අපරාධ වාර්තා, විභාග, පොලිස්පති අණ දෙන තොරතුරු, සේවස්ථ හා දෙමළ භාෂා පුහුණු පොලිස් විද්‍යා පීඨ සම්බන්ධීකරණ, වෛද්‍ය සේවා, ප්‍රවාහන යන කොට්ඨාසවල සහ ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත පොදු පරිපාලන අවශ්‍යතා සඳහා අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරින් පොලිස්පති චක්‍රලේඛ 2416/2013 සහ ආයතන චක්‍රලේඛ 01/2013 යටතේ දක්වා ඇති විශේෂ දීමනා හිමිකම නොලබයි.
(iii) විශේෂිත නොවූ කොට්ඨාසවලට සහ ඇතැම් විශේෂිත වූ කොට්ඨාසවලට නිලධාරින්ගේ සුදුසුකම් හා ඔවුන් අනුයුක්ත කර ඇති පදනම සැලකිල්ලට ගෙන එනම්, එම කටයුත්තට හිමි වූ මූලික සුදුසුකම් හා පාඨමාලා මෙන්ම සේවාදායකයාගේ කුසලතා පූර්ණය ආදිය අනුව එම දීමනාවලට හිමිකම් ලබන අතර, එවැනි කොට්ඨාසවල පොදු පරිපාලන අවශ්‍යතාවන් සඳහා අනුයුක්ත කර ඇති නිලධාරින්ට එම විශේෂ දිමනා සඳහා හිමිකම් නොලැබේ.
(ආ) අයත් නොවේ.
(ඇ) ශ්‍රී ලංකා පොලිස් ඉංජිනේරු සේවයෙහි යෙදෙන්නන් පොලිස් නිත්‍ය සේවයේ සහායක සේවාවක් වශයෙන් දෙපාර්තමේන්තුව වෙත ස්ථාපිත කර ඇති බැවින් සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා ඔවුන් හිමිකම් නොලබයි.
පිළිතුරු දුන් දිනය
2015-06-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks