01

E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

5211/2015: කොට්ටාව - මාතර අධිවේගී මාර්ගය : පෞද්ගලික බස් රථ

5211/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කොට්ටාව - මාතර අධිවේගී මාර්ගයේ  මගී ප්‍රවාහනය සඳහා ‍යොදවා ඇති පෞද්ගලික බස් රථ සංඛ්‍යාව කොපමණද;

            (ii)       2013.08.06 දින “ලංකාදීප” ඇතුළු පුවත්පත්වල පළ කරනු ලැබූ ටෙන්ඩර් දැන්වීමට අනුව එම බස් රථ තෝරා ගනු ලැබුවේද;

(iii) නොඑසේ නම්, එම බස් රථ තෝරා ගැනීම සඳහා අනුගමනය කළ  විධිමත් ක්‍රියාමාර්ගය කවරේද;

(iv) ඉහත සඳහන් පුවත්පත් දැන්වීමට අනුකූලව ක්‍රියා නොකළේ නම්, එසේ කිරීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)   ඉහත සඳහන් අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනය සඳහා තෝරා ගනු ලැබූ පෞද්ගලික බස් රථවල ලියාපදිංචි අංක සහ එම බස් රථවල හිමිකරුවන්ගේ නම් කවරේද යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ වත්මන් ක්‍රියාකාරී අධ්‍යක්ෂගේ නම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      112

              (ii)      නැත.

              (iii)      2014.09.19 දිනැති අමප/14/1061/535/004-1 අංක දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ පවත්නා ක්‍රමවේදය අනුව (ඇමුණුම අංක 01*)

              (iv)      එවකට සිටි සභාපතිතුමාගේ වාචික උපදෙස් පරිදි කටයුතු කර ඇත.

(ආ)      ඔව්, ඇමුණුම අංක 02*හි දක්වා ඇත.

(ඇ) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ගාමිණී රත්නායක මහතා පත් කෙරෙනු ඇත.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks