01

E   |     |  

 දිනය: 2014-11-08   පිළිතුර ලබා දී ඇත 

5183/2014: නොරොච්චෝල බලාගාරය: මෙහෙයුම් සහ නඩත්තු කටයුතු

5183/’14

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       වැඩ අවසන්ව ඇති නොරොච්චෝල ගල් අඟුරු තාප බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාව සහිත පළමුවැනි අදියරේ වර්තමාන මෙහෙයුම් කටයුතු සහ නඩත්තු කටයුතු සිදු කරන සමාගම කවරේද;

  (ii)  එම වගකීම පවරනු ලැබූ දිනය කවරේද;

යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉහත බලාගාරයේ මෙහෙයුම් කටයුතු සහ නඩත්තු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා එහි ඉදිකිරීම් කටයුතු සිදු කළ චීන සමාගමට පැවරීමට කටයුතු යොදා තිබේද;

  (ii)  එසේ නම්, එම  දිනය කවරේද;

 

 

    (iii)  මෙම බලාගාරයේ 2 වැනි සහ 3 වැනි අදියරයන්හි වැඩ කටයුතු නිම කිරීමට නියමිතව ඇති දින වකවානු කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2014-11-08

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වැඩ අවසන්ව ඇති නොරොච්චෝල ගල් අඟුරු තාප බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාව සහිත පළමුවෙනි අදියර ද ඇතුළුව සියලුම අදියරයන්හි මෙහෙයුම් හා නඩත්තු කටයුතු කිසිදු සමාගමකට පවරා නැති අතර, එම කටයුතු සිදු කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසිනි.

              (ii)      අදාළ නොවේ.

(ආ)        (i)      නැත. ඉහත බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු ඉදිරියටත් කරගෙන යනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසිනි.

(ii) අදාළ නොවේ.

(iii) මෙම බලාගාරයේ 2 වැනි සහ 3 වැනි අදියරයන්හී වැඩ කටයුතු ද මේ වන විට අවසන් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks