01

E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

5142/2015: දුම්රිය අනතුරු : විස්තර

5142/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2014 ‍අප්‍රේල් මස 30 වැනි දින සිට මේ දක්වා කාලය තුළ සිදු වූ දුම්රිය - දුම්රිය ගැටීම්, දුම්රිය පීලි පැනීම් හා දුම්රිය මැදිරි ගැලවීයාමට අදාළ අනතුරු සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම දුම්රිය අනතුරු සිදුවූ ස්ථාන, දිනය හා අනතුරුවල ස්වභාවය, මගීන්ට සිදුවූ හානි වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත සඳහන් දුම්රිය අනතුරු සිදු වීමට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) මෙම අනතුරු හේතුවෙන් සිදු වූ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ආකාරයේ අනතුරු වළක්වා දුම්රිය ප්‍රවාහන සේවය මඟින් මහජනතාවට විශ්වාසනීය සේවයක් ලබාදීමට සැලසුම් කර තිබේද;

(ii) එම සැලසුම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      දුම්රිය - දුම්රිය ගැටීම්    -                02

                         පීලි පැනීම්            -                96

                         මැදිරි ගැලවීයාම්    -                14

              (ii)      ඇමුණුමෙහි දක්වා ඇත.

              (iii)      ඇමුණුමෙහි දක්වා ඇත.

              (iv)      ඇමුණුමෙහි දක්වා ඇත.  ඇමුණුම  සභාගත* කරමි.

(ආ)          (i)      ඔව්.

(ii) රේල් පීලි, සිල්පර හා කළු ගල් (track ballast) යොදා දුම්රිය මාර්ගය ශක්තිමත් කිරීම.

ආරක්ෂක නීති උල්ලංඝනය කරන ලද දෙපාර්තමේන්තුවේ සේවකයින්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කිරීම.

තෝරාගත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ප්‍රමුඛතාව අනුව සීනු (bells) හා ආලෝක සංඥා (lights) යෙදීමට කටයුතු කිරීම.

ස්වයංක්‍රීය ගේට්ටු ස්ථාපිත කිරීම පිණිස තනතුරු ඇති කිරීම, වෙනත් ස්වේච්ඡා සංවිධාන සහයෝගය ඇතිව ගේට්ටුකරුවන් යෙදවීම.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2016-06-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks