පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5096/’14
ගරු අනුර දිසානායක මහතා,— ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 අයවැය ලේඛනය මගින් ලෝක ආහාර සංවිධානය වෙත පරිත්‍යාග කරනු ලබන බවට යෝජනා කළ සහල් ප්‍රමාණය කොපමණද;
(ii) ඒ අනුව, මේ වන විට පරිත්‍යාග කර ඇති සහල් ප්‍රමාණය කොපමණද;
(iii) එම සහල් තොගය මිලදී ගනු ලැබූවේ කුමන ආයතනයක් වෙතින්ද;
(iv) එම සහල් තොගය වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලැබුවේ නම්, ඒ සඳහා වී අලෙවි මණ්ඩලය විසින් වැය කළ මුදල කොපමණද;
(v) එම සහල් තොගය සඳහා වී අලෙවි මණ්ඩලය වෙත ලබා දී ඇති මුදල කොපමණද;
(vi) ඒ අනුව එම සහල් මෙට්‍රික් ටොන් එකක් සඳහා වැය කරන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-04
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආහාර සුරක්ෂිතතාව
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙට්‍රික් ටොන් 50,000
(ii) මෙට්‍රික් ටොන් 2,568.81
(iii) එම වී තොගය වී අළෙවි මණ්ඩලය වෙතින් ලබා ගන්නා ලදී.
(iv) මුළු මුදල රුපියල් 195,453,751.61කි. (රුපියල් එකසිය අනූපන් මිලියන හාරසිය පනස් තුන් දහස් හත්සිය පනස් එකයි ශත හැට එකකි.)
(v) එම වී තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් 195,453,751.61 වන අතර මෙම මුදල වී මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වී අළෙවි මණ්ඩලය වෙත ලබා දුන් මුදල්වලින් භාණ්ඩාගාරය සඳහා තවදුරටත් අය විය යුතු මුදලින් අඩු කර ගන්නා ලදී.
(vi) සම්බා රුපියල් 42,500යි. නාඩු රුපියල් 39,050යි. (වී අළෙවි මණ්ඩලයේ වාර්තා අනුව)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks