පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5092/’14
ගරු අනුර දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය වර්ෂ 5 තුළ දී, ශ්‍රී ලංකා රජය විසින් උගන්ඩා රජය වෙත යම් මූල්‍යමය ආධාර කිරීමක් හෝ ව්‍යාපෘති සඳහා ආධාර කිරීමක් සිදු කර තිබේද;
(ii) එසේ නම්, එම ආධාරවල මූල්‍ය වටිනාකම කොපමණද;
(iii) එම රට වෙත යම් ඉදිකිරීම් ව්‍යාපෘතියක් ලබා දී තිබේ නම්, එම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගනු ලැබූ ආකාරය කවරේද;
(iv) එම මූල්‍ය ආධාර හෝ ව්‍යාපෘති ආධාර ලබා දීමේ අරමුණ කවරේද;
(v) ශ්‍රී ලංකා රජය විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවීමට තිබිය දී, ඉහත පරිදි වෙනත් රටකට ආධාර ලබා දීම නිශ්ඵල ක්‍රියා මාර්ගයක් නොවන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-03
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. 2012 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත උගන්ඩාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම හා වෘත්තීය පුහුණු නිලධාරින් පුහුණු කිරීම සඳහා මූල්‍ය ප්‍රදානයන් දීමට එකඟ වී ඇත.
(ii) මේ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.31ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 170ක්) ලබා දීමට එකඟ වී ඇත.
(iii) අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව ඍජු කොන්ත්‍රාත් ක්‍රමය යටතේ 2013.04.09 වැනි දින කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.
(iv) නොදනී.
(v) එය නිෂ්ඵල ක්‍රියාවකි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-04-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks