04

E   |     |  

 දිනය: 2014-07-23   පිළිතුර ලබා දී ඇත 

5029/2014: ලියාපදිංචි කලායතන: විස්තර

5029/’14

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       මේ වන විට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති කලායතන සංඛ්‍යාව කොපමණද;

             (ii)       මේ වන විට එම කලායතන අතරින් ක්‍රියාත්මක මට්ටමේ පවතින කලායතන සංඛ්‍යාව කොපමණද;

(iii) පසුගිය වර්ෂ 5 තුළදී වැසී ගොස් ඇති කලායතන සංඛ්‍යාව කොපමණද;

(iv) එම කලායතන වැසී යෑමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) (i) සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතන වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමක් සිදු කරන්නේද;

(ii) එසේ නම්, එක් කලායතනයක් වෙනුවෙන් වාර්ෂිකව ලබා දෙන මුදල කොපමණද;

(iii) එම මුදල අවසන් වරට වැඩි කරන ලද වර්ෂය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) (i) රජයේ ලියාපදිංචි කලායතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රමවේදය සහ ඊට සම්බන්ධ වී කටයුතු කරන නිලධාරීන් කවුරුන්ද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-23

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කලායතන 1400කි.

              (ii)      1024කි.

             (iii)      නොමැත.

             (iv)      අදාළ නොවේ.   

(ආ)         (i)      ඔව්.

              (ii)     1.      විශිෂ්ට ශ්‍රේණියේ කලායතන  සඳහා -                              රු. 6000.00

                       2.      අධි ශ්‍රේණියේ කලායතන සඳහා -                           රු. 5000.00

                       3.      සාමාන්‍ය ශ්‍රේණියේ කලායතන  සඳහා -                    රු. 4000.00 හා 3500.00

4. නව කලායතන  සඳහා  -   රු.1500.00

(iii) 2012 වර්ෂයේදී ය.

(ඇ) (i) ඔව්.

(ii) ප්‍රාදේශීය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යට‍තේ සංස්කෘතික නිලධාරින්, සංස්කෘතික සංවර්ධන සහකාර හා සංවර්ධන නිලධාරින් කටයුතු කරනු ලබයි.

(ඈ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2014-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks