01

E   |     |  

 දිනය: 2014-09-11   පිළිතුර ලබා දී ඇත 

5020/2014: මාර්ග පුළුල් කිරීමට පවරා ගත් ඉඩම්: ගම්පහ නගරය

5020/’14

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගම්පහ නගරයේ, මහවීදිය, සිරි කුරුස පාර හා මංගල පාර යන එක් එක් මාර්ගය පුළුල් කිරීම සඳහා අවසන් වරට ඉඩම් අත්පත් කර ගත් වර්ෂයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම අත්පත් කර ගත් ඉඩම් සඳහා මේ වන විට වන්දි ගෙවා තිබේ නම්, එම එක් එක් මාර්ගයට අදාළව වන්දි ගෙවන ලද වර්ෂ වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත මාර්ගයන්හි සංවර්ධන කටයුතු වෙනුවෙන් අත්පත් කර ගත් සියලු ඉඩම් භෞතික වශයෙන් මගී ජනතාවගේ පරිහරණයට ‍යොදවා තිබේද;

(ii) එම මාර්ග සංවර්ධනය වෙනුවෙන් අත්පත් කරගෙන ඇතත්, මෙතෙක් මගී ජනතාවගේ පරිහරණයට යොදා නොගත් ඉඩම් තිබේද;

(iii) එසේ නම්, එවැනි ඉඩම් තිබෙන මාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-11

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       1999 වර්ෂයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර, අදාළ ඉඩම් කොටස් 2003 වර්ෂයේ රජයට පවරා ගෙන ඇත.

              (ii)       2012 වර්ෂයේ වන්දි ගෙවීම ආරම්භ කර, මේ වන විට වන්දි ගෙවීම් සිදු කර ගෙන යනු ලැබේ.

                         (සිරිකුරුස පාර සඳහා කැබලි 09කට පමණක් වන්දි ගෙවා අවසන් කර ඇත.)

(ආ)           (i)       නැත.

                         වන්දි ගෙවීම් කටයුතු සම්පූර්ණ කර නොමැති බැවින්, රජයට පවරා ගත් දේපළ අදාළ කාර්යය සඳහා මෙතෙක් යොදා ගෙන නොමැත.

(ii) ඔව්.

වන්දි ගෙවීම් කටයුතු සම්පූර්ණ කර නොමැති බැවින්, රජයට පවරා ගත් දේපළ අදාළ කාර්යය සඳහා මෙතෙක් යොදා ගෙන නොමැත.

(iii) මහවීදිය, සිරිකුරුස පාර, මංගල පාර

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-03-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks