පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4993/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය වන, මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය ප්‍රාථමික පාසල් 5,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට තෝරා ගත් පාසලක් බවත්;
(ii) එම පාසල සංවර්ධනය කිරීමට අදාළ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදල රුපියල් 625,471.43 ක් වන බවත්;
(iii) ඒ සඳහා වන ප්‍රජා දායකත්වය රුපියල් 135,471.43 ක් බවත්;
(iv) මේ වන විට එම ව්‍යාපෘතිය සඳහා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් රුපියල් 490,000.00 මුදලක් ගෙවා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් ඉහත සඳහන් ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 7ක් වියදම් වූ බව පවසමින් සෑම සිසුවෙකුගෙන්ම රුපියල් 1000/=ක මුදලක් අය කර ගෙන ඇති බව දන්නේද;
(ii) එසේ මුදල් එකතු කිරීමට විදුහල්පතිවරයෙකුට බලයක් තිබේද;
(iii) එම මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;
(iv) එලෙස මුදල් එකතු කිරීමට බලයක් නොමැති නම්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) ඔව්.
(ආ) (i) නැත.
(ii) නැත.
(iii) නැත.
(iv) විදුහල්පති මෙම ව්‍යාපෘතියේ හිඟ මුදල සඳහා මුදල් එකතු කිරීමට අනුමැතිය ඉල්ලුවද දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අනුමැතිය ලබා නොදුන් බැවින් මුදල් එකතු කිරීමක් සිදු කර නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks