පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4987/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2013 වර්ෂයේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය පැවැත්වීම සඳහා,
(i) ස්ථාපිත කළ මධ්‍යස්ථාන;
(ii) එම මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන;
(iii) සේවයේ යොදවාගත් ශාලාධිපතිවරු;
(iv) යොදාගත් ගුරුවරු;
(v) යොදා ගත් ශාලා කාර්ය සහායකයන්;
සංඛ්‍යාව කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත (අ)(v)හි සඳහන් ශාලා කාර්ය සහායකයින්ගේ නම්, ලිපිනයන් හා දුරකථන අංක වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) ඉහත නම් සඳහන් ශාලා කාර්ය සහායකයින්ගෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් සේවක සංඛ්‍යාව සහ එම ක්ෂේත්‍රයට අයත් නොවන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) උක්ත විභාගයේ කටයුතු සඳහා බාහිරව බඳවා ගත් ශාලා කාර්ය සහායකයින්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් ගෙවූ මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) (i) අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් සිටියදී බාහිර පුද්ගලයන් විභාග කටයුතු සඳහා යොදා ගැනීම නිසා එම සේවකයන්ට දීමනාවක් ලබා ගැනීමට ඇති අවස්ථාව අහිමි වීම වැළැක්වීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, ඒ කෙසේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ස්ථාපිත කළ මධ්‍යස්ථාන - 4300යි.
(ii) එම මධ්‍යස්ථාන සම්බන්ධිකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සම්බන්ධිකරණ මධ්‍යස්ථාන - 534යි.
(iii) සේවයේ යොදවාගත් ශාලාධිපතිවරු - 4300යි.
(iv) යොදා ගත් ගුරුවරු - 33800ක් පමණ.
(v) යොදා ගත් ශාලා කාර්ය සහායකයන් - 4300යි.
(ආ) ශාලා කාර්ය සහායකයින් පත්කර ගනු ලබන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුමතිය මත ශාලාධිපතිවරුන් බැවින් මෙම තොරතුරු නිශ්චිතව දැක්වීම සඳහා එම ශාලාධිපතිවරු 4300ක ගෙන් ඒ පිළිබඳව විමසීමෙන් හා අදාළ ජර්නල් 4300ක් පරීක්ෂා කිරීමෙන් පසුව ඉදිරිපත් කළ හැකිය.
(ඇ) (i) ඉහත (ආ) යටතේ දැක්වෙන තොරතුරු ලබා ගැනීමෙන් පසුව මෙම තොරතුරු ලබා දිය හැකිය.
(ii) ඉහත (i) යටතේ තොරතුරු මත ලබා දිය හැකිය.
(ඈ) (i) දැනටමත් පියවර ගෙන ඇත.
(ii) හැකි සෑම විටම අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විභාග කටයුතු සඳහා යොදා ගැනීමට අවශ්‍ය උපදෙස් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට හා ශාලාධිපතිවරුන්ට ලිඛිතව ලබා දී ඇත. එම ලියවිලි ඇමුණුම්* 1 සිට 3 වශයෙන් මේ සමඟ ඉදිරිපත් කර ඇත.
එහෙත් අනධ්‍යයන සේවකයින් නිවාඩු කාලවලදී ද පාසලේ රාජකාරිවල නිරත විය යුතු බැවින්ද, ඇතැම් විදුහල්පතිවරුන් ඔවුන් නිදහස් නොකරන බැවින් ද විභාග රාජකාරිවලට යොදා ගැනීමේ අපහසුතා පැන නැඟී ඇත. එමෙන්ම 4300ක් පමණ අනධ්‍යයන සේවකයින් සංඛ්‍යාවක් යොදා ගැනීමට අපහසු වුවහොත් විභාත රාජකාරිවලට වාධා සිදු විය හැකිය.
(ඉ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks