01

E   |     |  

 දිනය: 2014-08-20   පිළිතුර ලබා දී ඇත 

4956/2014: BattuluOya - Udappuwa Road

4956/’14

 

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ, බත්තුළුඔය - උඩප්පුව මාර්ගය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;

            (ii)       මෙම මාර්ගයේ ඉදිකිරීම් පවරා ඇති ආයතනය කවරේද;

  (iii)  එකී සමාගම වෙත ඉදිකිරීම් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ඉහත සඳහන් මාර්ගයේ ඉදිකිරීම් අතරමගදී නවතා දැමීමෙන් ජනතාව බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බව දන්නේද;

  (ii)  එම මාර්ගයේ ඉදිකිරීම් නැවත ආරම්භ කරනු ලබන දිනය කවරේද;

  (iii)  ඉහත මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ නතර කර තිබීම නිසා ගමනාගමන කටයුතුවලදී පීඩාවන්ට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-20

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks