01

E   |     |  

 දිනය: 2010-06-30   පිළිතුර ලබා දී ඇත 

0132/2010: Woodside Estate

0132/'10

 

ගරු ජානක බණ්ඩාර මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් මහනුවර, මැද දුම්බර, වුඩ්සයිඩ් වත්තේ හෙක්ටයාර් 810.31ක ඉඩම රු.167,470ක වාර්ෂික බදුකුලියකට කොළඹ 03, සයිමන් හේවාවිතාරණ පාරේ, මරුති පුද්ගලික සමාගම වෙත ලබා දී  ඇති බව එතුමා දන්නෙහිද?  

(ආ)        (i)       මෙම බදු ගිවිසුම සඳහා රජයේ තක්සේරුව හා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගෙන තිබේද;

(ii) බදු ගිවිසුම නීත්‍යානුකූලද;

(iii) බදුකරු බදු ගිවිසුමට අනුව කටයුතු කර තිබේද;

(iv) එසේ නොමැති නම්, ඊට එරෙහිව සංස්ථාව ගත් ක්‍රියාමාර්ග ක‍වරේද;

         යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) බදුකරු නීත්‍යානුකූලව කටයුතු කර නැත්නම්, අදාළ බදු ගිවිසුම අවලංගු කර එම ඉඩම සංස්ථාව‍ට ලබා ගැනීමට කටයුතු කරන්නේද;

(ii) මෙතෙක් එසේ නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නම්, ඒ පිළිබඳව වගකිවයුත්තන්ගේ නම් කවරේද;

(iii) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-30

අසන ලද්දේ

ගරු ගරු ජානක බණ්ඩාර මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks